Wednesday, August 30, 2017

71. ප්‍රමෝෂන් ලමිස්සී.....




නිතින් හිස කේ අගට නෙත් බැලුම් හෙලන්නී
ඩ්‍රයි වෙලා ඩැමේජුත් කියා ඇස් පාන්නී
ශැම්පු කන්ඩිශනර්ද අත දරා සිටින්නී
ඇයයි කොස්මැටික් ලොව පෙළහරම පාන්නී..

එහෙ මෙහෙට යන ලියන් පසු පසින් දුවන්නී
අත රැඳෙන ගැල්වුමක හොඳම නිති කියන්නී
ලැබෙන සුලු ලාබයක ඇස දවටවන්නී
ඇයයි සුපිරිම හලේ ප්‍රොමෝෂන් කරන්නී....

නෙත් අඳුන් දියව යන විටෙක ගෙන ගාන්නී
අමුතු හැඩ රටාවට දෙතොල් හැඩ කරන්නී
විමසුමෙන් නිති බලා තව ලඳක් දකින්නී
යළිත් පැස අත දරා පසු පසින් දුවන්නී....

~~~ විසිරි ~~~

19 comments:

  1. ඒක ශෝක් අක්කා මේක කියවපු දවසෙ ඉදන් මෙහෙම අය දකිනකොට ඔයාගෙ මේ කවිය මට මතක් වෙනවා.

    ReplyDelete
  2. මේ කවිය නියමයි
    විසිරි ලියන මේ අමුතු රහට මම කවදත් කැමති. ඒ රහින්ම අලුත් ඒවා ලියන්න

    ReplyDelete
    Replies
    1. කම්මලිකමනේ අනේ...ලියවෙන්නේ නත්තේ ඒකයි

      Delete
  3. විකිණිච්ච ගාණටලු කොමිස් එක ලැබෙන්නේ.
    කොණ්ඩෙ ගැන නොවේ ඇගෙ පඩිය ගැන බලන්නේ
    කන්නට අඳින්නටලු පස්සෙන්ම දුවන්නේ
    දෙන දෙයක් ගන්න මිස් තව කුසක් පිරෙන්නේ

    ReplyDelete
  4. ඉගෙනුමට සරිලනා ජොබක් ගැන හිතන්නී
    ඉහළකට ජයගන්න හීනයක් දකින්නී
    පවුලකට තවත් බර නොදෙන්නට හිතන්නී
    මගදිගට වෙළඳාමෙ නිතර ඈ යෙදෙන්නී....

    අපූරුයි අක්කේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අගෙයි ඒ කවිය..ස්තුතියි දුමි මල්ලි

      Delete
  5. විශිෂ්ඨයි...:)

    ReplyDelete
  6. අමුතු රහක් තියෙන්නේ කවියේ

    ReplyDelete