Wednesday, April 1, 2020

140. කවි

ජීවිතේ කටුක ඉම
යථාර්ථය 
දුක් කඳුලු 
විප්ලවය 
පීඩනය
ලෝකයේ හරි දැක්ම
.
ඔබ හිතට ලඟම කවි ඒවාය..
.
ජීවිතේ කටුක බව 
ඉහ පුරා දැක ඇතිමි
යතාර්ථය ..පීඩනය
හිත දවා සුන් ව ඇත...
දුක් කඳුලු තිත්තමය
විප්ලවය බොරුවක් ය 
මොන තරම් හරි දැක්ම
විසුලුවක් වී ඇත්ද....
.
මට ඉතින් බෝ වෙහෙසමය
බලා හිඳ එවන් කවි...
.
පැළි වළං පැලී ගිය
බිමක වුව මල් පිපෙන
හිස දවන කතර වුව
හීන් මල් වැහි වහින...
හිතලුවක් වී නැගෙන
හීනයක් දකිනු මිස
මට නොහැක කටුක බව
අකුරු තුළ මවන්නට...
.
ඉතින් මම පිළිගනිමි...
මම...
අසාර්ථක කවියකි....

2 comments:

  1. අසාර්ථක කවි සාර්ථකලු
    සාර්ථක කවි අසාර්ථකලු
    මේක හරිම ඩයිලෙමාවක්ලු
    සමහර අය ඔවර් එස්ටිමේශන්
    අන් අය අන්ඩර් එස්ටිමේශන්
    ඇත්ත කියන අය හොයමුලු

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඔබට ; මේ ඇගයුම මට සවියක්

      Delete