Wednesday, March 17, 2021

2021 (11) සිහින හඹා යන්න ...

සිහින හඹා යන්න ...





San Ysidro අශ්ව ගොවිපලක් තිබුණු යාලුවෙක් මට හිටියා. ඔහුගේ නම මොන්ටි රොබට්.
අවදානම් කලාපයේ සිටින තරුණ පරපුර වෙනුවෙන් මුදල් රැස් කරන විවිධ ක්‍රියාකාරකම් සඳහා යොදවා ගැනීමට ඔහුගේ නිවස මට භාවිතා කිරීමට ඉඩ දුන්නා ...

මින් පෙර අප හමුවූ අවසාන අවස්ථාවේ දී ඔහු මට මෙසේ ප්‍රකාශ කළා ...

"ඔබට මා මේ නිවස භාවිතා කිරීමට ලබා ලබාදෙන්න කි දෙන්නේ කිම දැයි කීමට මට අවශ්‍ය වී ඇත ...ඒක බොහොම පරණ කතාවක් ...මේකෙ කතානායකයා වෙන්නෙ තරුණයෙක් ...ඔහු ගේ පියා තැනින් තැනට ගොස් අශ්වයන් පුහුණු කරන්නෙක් වුණා...හරියටම කිව්වොත් අහිගුණ්ඨිකයකු වගේ ....ඒ ජීවිතේ....
ඉතින් මේ හේතුව නිසාම..මේ පිරිමි ළමයාගේ පාසල් ගමන බොහොම අඩාල වුණ එකක් වුණා....
ඔහු මඳක් ඉහල පන්තියක සිටිද්දී....ඔහුගේ ගුරුවරයා පැවසුවා .....වැඩිහිටියෙක් වූ පසු ඔහු කවරෙක් වීමට බලාපොරොත්තු වන්නේද....ඒ වගේම කරන්නට බලාපොරොත්තු වන්නේ මොනවා දැයි ලියන්න කියා .....

ඉතින් ඒ රාත්‍රියේ ඔහු පිටු හතක් පුරාවට විස්තර කරමින් ලිව්වා....කවදා හෝ ඔහු අශ්ව ඉස්‍තාලයක අයිති කරුවකු වන බව...ඔහු තමන්ගේ සිහිනය සවිස්තරව ලියා තැබුවා...ඔහු ඒ අශ්වයින් පුහුණු කරන ප්‍රදේශය අක්කර 200ක බිමක බව...එහි ඇති සියලු ගොඩනැගිලි පවා ඔහු එම සටහනේ ඇඳ තිබුණා..ඒ වගේම වර්ග අඩි 4000ක බිම් සැලසුමක් සහිත සුන්දර නිවහනක් ද එහි තිබුණ ....
.
ඔහු බොහොම ආසාවෙන් උනන්දුවෙන් එම සැලසුම සකසා පසුදින උදේ ගුරුවරයා අතට එය පත්කලා..දින දෙකකට පසු ඔහුට එම පත්‍ර ආපසු ලැබුණා ..එහි මුල් පිටුවේ ලොකු රතුපාට F අකුරක් සමගම ...ඒ වගේ ම එහි ලියා තිබුණා ..." පන්ති වේලාවෙන් පසු මා හමුවන්න ..." කියා....
.
ඉතින් මේ පිරිමි ළමයා එසේ නැවතී සිට ගුරුවරයාගෙන් මෙහෙම ඇසුවා...." ඇයි මට F එකක් ලැබුණෙ...?"
.
" ඔබ මේ දැකල තියෙන්නෙ යථාර්ථවාදී සිහිනයක් නොවෙයි..ඔබ වැනි තරුණ ළමයෙක්ට මෙය කරන්න බෑ....ඔබට මුදල් නෑ...ඔබ පැවත ඉන්නේ අස්ථාවර පවුලකින්. ඔබට කිසිම සම්පතක් නැහැ.මේ වගේ අශ්ව ඉස්තාලයක් පටන් ගන්න නම් ඔබට ගොඩක් මුදල් අවශ්‍ය වෙනවා .ඔබ ඉඩමක් මිළදී ගන්නත් අවශ්‍යයි..ඒ හැමදේම අධික මුදල් අවශ්‍ය වෙන කාරණා..ඉතින් ඔබට මේක කරන්න පුලුවන් වෙන්නෙම නෑ...ඉතින් ඔබ අද ආපහු ලියන්න ඔබට කරන්න පුලුවන් සීමාවේ ඇති බලාපොරොත්තුවක් ගැන.එවිට මම ඔබට ලකුණක් දෙන්න බලන්නම්...." ගුරුවරයා කීවා....
.
පිරිමි ළමයා නිවසට ගොස් බොහෝ වේලා කල්පනා කළා .ඔහු ඔහුගේ පියා ගෙනුත් මේ සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්දැයි විමසුවා ...

" මේ බලන්න පුතේ ඔබ මේ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු යයි මේක ඔබට ඉතාමත්ම වැදගත් වෙන තීරණයක්...."තාත්තා කිව්වා ...

අවසානයේ සතියක් පමණ කල්පනා කිරීමෙන් පසුව පිරිමි ළමයා එම කොළ යොමු ආපසු ගුරුවරයා වෙතට බාර දුන්නේ කිසිම වෙනසක් නොකර....

"ඔබට ඔබගේ F අකුර ඔබ භාරයේ තබා ගත හැකියි... මම මගේ සිහින මා වෙතම තබා ගන්නම්....."

මොන්ටි ....දීර්ඝ සුසුමක් හෙලා සිනහවෙමින් මෙසේ පැවසුවා....

" මේ සියල්ල අද මම ඔබට කියන්නේ ඔබ මේ හිඳගෙන සිටින්නේ අන්න ඒ වර්ග අඩි 4000 නිවසේ....එය පවතින්නේ අක්කර 200ක අශ්ව ඉස්තාල බිම මධ්‍යයේ....අර ගිනි උදුනට උඩින් රාමු කර එල්වා ඇත්තේ..අර සිහින ගැන ලියූ F අකුර ලැබුණ පත්‍රය..."

ඔහු නැවත මෙහෙමත් කීවා....

" මේකේ හොඳම කතාව මීට ටික කාලයකට පෙර අර ගුරුවරයාම ළමයි ටිකක් එක්ක මේ ගෙදරට ආවා .....කෑම්ප් එකකට...සමුගෙන යන්න පෙර ඔහු මෙහෙම කීවා....

මොන්ටි....මට මෙන්න මේක දැන් ඔබට කියන්න පුලුවන් ...මම ඔබේ ගුරුවරයා ව උන් කාලයේ මම ළමයින්ගේ සිහින හොරකම් කරන්නෙක් බවට පත්ව උන්නා....ඉතින් ඔබ පමණක්...මට ඒ සිහිනය සොරාගන්න ඉඩ දුන්නෙ...නෑ....."

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

ඉදින්....
කිසිවෙකුහටත් ඔබේ සිහින සොරාගන්නට ඉඩ නොදෙන්න....
ඔබේ හදවතට ඇහුම් කන් දෙන්න....
එය කියන්නෙ කුමක් වුවත් ඒ ඔබේම සිහිනයන්...

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මුල් කෘතිය chicken soup for the soul...

අනුවාදය ....විසිරි....❤️

No comments:

Post a Comment