Tuesday, February 23, 2021

2021 (10) ඔබ මිනිසෙකු වේ නම් ඒ සඳහා ඇති නීති.

ඔබ මිනිසෙකු වේ නම් ඒ සඳහා ඇති නීති...




01. ඔබට අනිවාර්යෙන්ම ශරීරයක් හිමි වේ

ඔබ කැමති වුණත් එයට අකැමැති වුණත් එය ඔබේ ශරීරයයි. එය ඔබ ජීවත් වෙන සම්පූර්ණ කාල සීමාව තුළම ඔබ සමග පවතී..

02. ඔබ පාඩම් ඉගෙන ගනු ඇත

ඔබ ඇතුලත් වන්නේ පූර්ණ කාලීන අවිධිමත් පාසලක ටයි.එය ජීවිතය නම් වෙයි
එම පාසලේ සෑම දිනක ම ඔබට අලුත් පාඩමක් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබේ .ඔබ සමහර විට ඒ පාඩම් වලට කැමති වනු ඇති .තවත් සමහර විට ඒවා ඔබට නොගැලපේ හෝ මෝඩ පාඩම් යැයි ඔබට සිතෙනු ඇත..

03. මෙහිදී අත්වැරදීම් නැත...ඇත්තේ පාඩම් පමණි...

වර්ධනය යනු හරියැම් සහ වැරදීම් වල එකතුවකි.එය අත් හදාබැලීමකි.අසාර්ථක වන අත් හදාබැලීම් සාර්ථක වන ක්‍රියාදාමයක කොටස් කරුවන් වනු ඇත.

04.හරියාකාරව ඉගන ගන්නා තුරු ඒ පාඩම් නැවත නැවත ඔබට ඉගන ගන්නට සිදුවේ....

ඔබ ඉගෙන ගන්නා පාඩම් ඔබ ඒවා හරියකට තේරුම් ගන්නා තුරු විවිධ ආකාරයෙන් ඔබ වෙත ලැබේ ...ඔබේ නිවැරදිව එම පාඩම ඉගෙන ගත් විට ඔබට මීළඟ පාඩම වෙත යා හැකි ය...

05. ඔබේ පාඩම් ඉගෙනීම කිසි විටෙකත් නිමා නොවේ ...

ජීවිතේ කිසි ම කොටසක් පාඩම් වලින් තොර වී නොමැත ...අපි ජීවත්ව සිටින තුරු ....ඔබට ඉගෙනීමට ඕනෑ තරම් පාඩම් ඇත..

06. "එතන" ට වඩා "මෙතන" හොඳ යැයි කීමක් නොමැත

ඔබ වඩා හොඳ යැයි සිතන "එතැන" කොයි වෙලාවක හෝ "මෙතන" බවට පත් වේ ..එවිට ඔබ යළිත් වඩා හොඳ "එතැන"ක් සොයා යයි ...

07. අනෙක් අය කියන්නේ ඔබේම කැඩ පතක්..

ඔබට කිසිම වෙලාවක වෙනත් අයෙකුගේ වෙනත් දෙයකට ආදරය කිරීමට හෝ වෛර කිරීමට බැහැ ...එසේ කළ හැකි වන්නේ එම දේවල් ඔබගේ ම ජීවිතයේ ආදරය කරන හෝ වෛර කරන දේවල් වූවොත් පමණයි..

08. ඔබේ ජීවිතයේ ඔබ නිර්මාණය කර ගන්නේ කෙසේද .....එය ඔබට බාරයි

ඔබ සතු ව ඔබේ ජීවිතේ නිර්මාණය කිරීමට අවශ්‍ය ආම්පන්න සහ පහසුකම් සියල්ල ම ඇත ...එහි මා භාවිතා කර ඔබ කරන දේවල් බාර වන්නේ ඔබට ය... තෝරා ගැනීම ඔබ සතු ය

09. සියලුම දේ ට අවශ්‍ය පිළිතුරු ඔබ තුළම ඇත

ජීවිතයේ ප්‍රශ්න පත්‍රය ට ම අවශ්‍ය උත්තර ඔබ තුළ ම ඇත ...ඉතින් අවශ්‍ය වන්නේ ඒ ගැන විමසා බැලීම , ඇහුම් කන් දීම සහ විශ්වාස කිරීමයි ...

වඩාම වැදගත් ම කාරණය වනුයේ .....

10. ඔබට මේ සියල්ල අමතක වනු ඇති .....

මුල් සටහන chicken soup for the soul කෘතියකින්

අනුවාදයෙන් සකස් කළේ විසිරි ❤️

No comments:

Post a Comment