Friday, July 2, 2021

2021 ( 15 ) Butterfly stories

 සමනලයෙක් කියන්නේ කොච්චර ලස්සන සතෙක්ද කියල අපි දන්නවනෙ. ඉතින් සමනලයෙක්ගෙ රුව බලන අපි කීයෙන් කී දෙනාද ඇහැට පෙනෙන නොපෙනෙන සයිස් බිත්තරේකින් පටන් අරන් දළඹු කාලයක් පහුකරලා සමනලයෙක් වෙන හැටි දැකල තියෙන්නෙ.


අටෝ රාසියක් විනෝදාන්ශ අතරේ සමනල්ලු ඇතිකරන එකත් විනෝදාන්ශයක් වෙච්ච විසිරිට ඔන්න හිතුණලු ඒ කතන්දරයක් පියවරෙන් පියවර රූගත කරල බ්ලොග් එකට දාන්න.


එහෙනම් අපි යමුකො සමනල් චාරිකාව දිගේ...


COMMON MORMON  කියන්නෙ ලස්සන සමනල් වර්ගයක්.එයාලගෙ වර්ග කීපයක් ඉන්නවා.ම ඒ වර්ගයට ආසම ඒ බිත්තරෙන් ඇවිල්ල දලඹුවෙක් වෙලා එළියට එනකල්ම එන්නෙ මොනවර්ගෙ එක්කෙනාද කියල කියන්න අපි නොදන්න නිසයි. 

( මේ රූප දෙක නම් අන්තර්ජාලයෙන් ගත්තේ )







මේ සමනල් අම්මා බිත්තර දාන්නේ කරපින්චා ගහක.සමහර වෙලාවට එයාල දෙහි දොඩම් කුලයේ ගස් වලත් බිත්තර දමනවා.




ඇහැට පෙනෙන නොපෙනෙන සයිස් එකේ බිත්තර තමා දාන්නෙ. 



ඒකක් වීඩියෝ කරගන්නනම් තාම බැරිඋනා මට


ඉතින් ඔන්න දවසකට දෙකකට පස්සෙ බිත්තරේ පුපුරවාගෙන පණු පැට්ටෙක් එලියට එනවා.මේ හැම දලඹුවෙක්ගෙම බූව නම් නෑ.මෙයාලගෙත් නෑ. ඉතින් මේ එන පණු බබා ඉස්සෙල්ලම කන්නෙ තමන් උන්න බිත්තරේ කට්ට. රහ ඇති නෙ ඒක.




 ඉන් පස්සෙ අර බිත්තර කට්ට කාලා උන්දෑ කරපින්චා ගහේ ළපටි කොළ වලට හිටු කියලා වැඩේ දෙන්න ගන්නව.කන තරමටම මලපහත් කරනවා.




ටික ටික ලොකු වෙන්නෙ කන අතරෙම තමා.


ඉතින් විලෝපිකයන්ගෙන් අනතුරු එන්න ගන්නෙ මෙයාල ඇහැට පෙන්න ගන්න කොට. 



මම ඒවෙලාවට මෙයාල ඉන්න අත්ත පිටින්ම මගේ සන්රක්ෂණ ස්ථානයට අරන් එනවා.ඉන් පස්සෙ සමනල අම්මා වෙන්නෙ මම. උදේට හවසට අලුත් අතු කන්න දිදී මලපහ කරපුවා අස් කරනවා.




ඉතින් ඔහොම ඔහොම ලොකු වෙනවා එයාල


ඉන් පස්සෙ එයාලගෙ හැඩේ හරිම ලස්සනයි. එයාලගෙ මූණත් හුරතල් පාටවෙලා



ඔහොම කාල කාල දවසක එයාල භාජනයේ බිත්තිය දිගේ නැගලා නිසොල්මන් වෙන්න ගන්නව. ආයේ කන්නෙ නෑ ඉතින්.




ඉතින් ඉන්පස්සෙ එක තැනක ඇලිලා වක්‍ර වෙනවා. සියුම්ම නූල් දෙකකින් එයාල භාජනේට බැඳිලා ඉන්නෙ




ඉතින් ඉන් පස්සෙ ආයෙ හැඩේ වෙනස් වෙන්න ගන්නව.ඔහොම වෙලා දවස් ගාණක් ඉන්න මේ අය කිසිම හැලහොල්මනක් නම් නෑ


ඔන්න ඉතින් දොරට වඩින දවස.




මේ ඉන්නේ මට තාම හම්බවුන වර්ගය. මුලම එකේ උන්න අම්මාගේ හැඩය තියන කෙනෙක් එනකල් මාත් මගබලන් ඉන්නවා.එයාල පරිසරයට මුදාහරින්න කලින් ආයෙ අතට වෙලා ඉන්නව ටිකක් වෙලා. ඉන් පස්සෙ පියාඹලා යන්නම යනවා



සමනල්ලු ඇතිකරන්න ආස නම් ඔවුන්ට එන්න මල් වවන්න. මල් පිපෙන ඒවා.බාලොලියා හෙවත් ගඳපාන, බලුනකුට, දහස් පෙතියා , Tridax






 ඒ වගේම එයාලගෙ පණුවන් දලඹුවන්ට කන්න හිතකර ගස් වර්ග වවන්න 

බෝමි , කුරුඳු, අනෝදා, උගුරැස්ස, අඟුණ, බලුනකුට, දෙහි දොඩම් වගෙ ඒවා....




 




මේක අප්ලෝඩ් කරන්න ප්‍රධානම හේතුව වුණේ පාසල් යන දරුවන්ට මේක පාඩමක් විදියට පාසලේ උගන්වන බව කීප දෙනෙක්ම මට කිව්ව එකයි. මුහුණුපොතේ මේ සමනල කතන්දර කීපයක්ම මම ඒ අය වෙනුවෙන් දැම්මා. අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් මේකෙනුත් ගන්න 

ස්තුතියි එහෙනම්

10 comments:

  1. සුපිරි වැඩක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි. මේක ඇත්තෙන්ම අපූරු විනෝදාන්ශයක්

      Delete
  2. සමනල්ලු ද, ලොවේ සියලු සත්වයින් ද සමමිතික ඇයි?

    ReplyDelete
    Replies
    1. චලනයට සමබරතාවය අවශ්‍ය නිසා වෙන්න ඇතිනේද

      Delete
  3. ඔයාගේ පින්තූර ෆේස්බුක් එකේ දකිනවා . ලස්සනයි

    ReplyDelete
  4. අනේ මට මේක මගෑරිලා!
    මමත් පොඩිකාලේ ජෑම් බෝතල්වල සමනල්ලු ඇතිකරනවා. මට මතකයි සලබයෝ වගයක් ( ජෝඩුවක් ) ගෙනල්ල අපේ ගෙදරම ලොකුවෙලා උන් මරුනාම උන්ගේ අත්තටු අවුරුදු ගානක් යනකල් එහෙම්මම තිබ්බ. උන් දෙන්නා ඇපල ගස්වල තමයි බිත්තර දැම්මේ. දැන් ඒ පින්තුර නැහැ
    මරේ මරු !

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ කරපු හුඟාක් විනෝදාන්ශ අදටත් අපිට ගැලපෙනවා නේද ?

      Delete