Tuesday, November 23, 2021

2021(31) නාඳුනන්නෙකු හට පෙම් කළෙමි

නාඳුනන්නෙකු හට පෙම් කළෙමි.....





එදවස ....
මම උන්නේ වේදිකා බිමකය..
ඔහු උන්නේ...වේදිකා අසුනේය....
එකදු ඇස් බැල්මක් නොලද මුත් ...
මම ඒ රුවට බැඳුණෙමි...
සිත ඇදුණු එදවස..
ප්‍රේමයක් වීදැයි නොදනිමි....

පසු දිනක...
උනුන් අසලින් හිඳ ගතිමු...අපි..
කතාවන් සිනාවන් බෝ විය..
ඉඳහිටක නෙතුසරක් විහිදුණි...
බොහෝ ලොබ වීමි එයටද
එහෙත්...
ප්‍රේමයක් වී දැයි නොදනිමි....

නොසිතූ පැයක කෙළවර
නාඳුනන කෙටි පණිවිඩයක
සිත තිගැස්වන සටහනක් විය...
" අවසන...මම ඔබ සොයා ගත්තෙමි...."
විපිළිසර මතක පොත ඇහැරිනි...
" මා ඔබට රහසින් පෙම්කරන්නා වෙමි...."
එහි එසේ ලියවුණි....
ඉදින්...
මම දනිමි...
අප අතර ප්‍රේමයක් ඇතිවුණි......

අපි ඉනික්බිති සමුගතිමු....
ඉදින්..ප්‍රේමය ම ඉතිරි විය..

විසිරි ❤

9 comments:

  1. ඔබගේ බ්ලොගය මේ වන විට; බ්ලොග් අඩවි 930 කට පිවිසීමට හැකි අපගේ සිඩියට එක් කරගෙන ඇති බව සතුටින් දැනුම් දෙන්නෙමු! අපගේ සින්ඩිය පිළිබඳ ඔබගේ ප්‍රචාරය අපට ඉමහත් ශක්තියකි!

    ReplyDelete
  2. හ්ම්ම්ම්...ප්‍රේමයම ඉතිරිවිය...

    ReplyDelete
  3. හ්ම්.. සිත තිගැස්වන සටහනක් විය

    ReplyDelete
  4. මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
    දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
    ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
    සිංහල පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්‍යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
    එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.

    ReplyDelete