පුරු පුරු කතා
උදේම බස් එකට ටිකක් දුර තැනකට යන්න ගොඩ උනා..තාම මෙහෙට ආවට ට්‍රේනිනුත් යන්න වෙනවා.එහේ කරපුවා මෙහෙට සියයට සියයක්ම ගැලපෙන්නෙ නෑ. රටවල් වෙනස්...ප්‍රතිකාර ක්‍රමත් වෙනස්...ඉතින් වයසට ගියත් ඉගන ගන්න වෙනවා අලුත් අලුත් දේ....
මේ දවස්වල මෙහෙ පාසල් වාරය ආපහු පටන් අරන්...එකේක වයස්වල දරුවෝ පාසල් යන්න බස් රථ වලට ගොඩ වෙනවා.හුඟක් අය ඉතින් ජංගම දුරකතනයට මුහුණ ඔබාගත් ගමන්...ඒ අතරේ මගෙ ලඟ හිටගෙන ඉන්න පොඩිත්තියක්...සුදු පාට කමිසය.කලු කලිසම..කලු කෝට් එක...හැඩයි....හරිම හැඩයි...පොඩ්ඩක් ඉන්න...පොඩ්ඩක් ඉන්න....මේ මොනවද මම මේ දකින්නෙ....ලොකුම හිනාවක් මගෙ මුහුණේ පිටපනින්න දඟලනවා.....
කලුපාට දිග කලිසම පුරාම තැන තැන සුදුපාට කෙඳි වගයක් වගෙ මොනවද....මොනවා ද ඒ...? පූසෙක්ගේ ලෝම....කලිසම පුරාම තැන තැන....එකත් එකටම බස් එකට නගින්න කලින් මේ ගැණු දරුවා පූස් රාළ උන්න පුටුවේ ඉඳගෙන තියනවා....මගෙ ඇස් යොමු උන දිහාට ඇගෙ ඇසුත් යොමු වුණා...ඇයට ඒ ලෝමගස් දැක්කම ලොකුම ලොකු හිනාවක් ආවා....මියෑව්....ඇය අත්දෙක කන්දෙක ගාවට අරන් මට තොල් සොලවලා කියනවා....ඒක හරි අපූරුයි...මාත් හිනාවෙලා ඔලුව වැනුවා...මියෑව් හඬක් අනුකරණය කරලා....
අපේ ගෙදරට කල්ලතෝනි ගමනේ ආව අලූ, කලූ සහ මෝව් මට මතක් වෙනවා...අලූ අතුරුදහන් වුනා...අනෙක් දෙන්නා ගෙදර නිත්‍ය සාමාජිකයන් වුණා...එයාලා නිදාගත්තු නිසා එක පුටුසෙටියක පුටුවක්ම ගෙදරට එන අයට " ඕකෙ වාඩිවෙන්න එපා ..ලෝම.." කියන්න වෙන ගානට ලෝම වලින් වැහුණා.ස්ටාෆ් බස් එකට නගින්න උන්න හුඟක් දවසට තදපාට කලිසම් වල මෝව් ගෙ සුදු ගස් මම අතින් ගලවලා නැග්ගේ....ඒත් ඒ ඔක්කොම සතුටු මතක...
අදටත් පුතාලා මෝව්ගෙයි කලූගෙයි පින්තූර එවනවා මට...මෙහෙ යන එන පාරවල් වලත් ගෙවල් වල ජනෙල් උඩ ඉඳන් මග බලන පූස් රාළලා...උණුසුම් හැඟීම් හිතට එක්කරනවා....පුම්බාගෙන උන්නත් වරක් දෙකක් දැක්කාම පොඩි සද්දයක් දාන ගානට එයාලත් හුරුවෙන්න අරන්....
ඉතින් ....ඔබ කොහේ කොතන උන්නත්....අමතක කරන්න එපා...පුරු පුරු හාදයෝ ඔබට හිනාවක් අරන් එනවා....එයාලා ලංකාවේ ඉන්න මගේ කලූ, මෝව් වෙන්න පුලුවන් .... ...එහෙමත් නැත්නම් මේ මම යන මගතොට ඉන්න පුම්බාගත්තු ආදර ගුලි ටිකක් වෙන්නත් පුලුවන් ...හැබැයි ඒ ඔබ ඔවුන්ට කැමති නම් පමණයි.....
විසිරි
පූසෝ කියන්නේ නොම්මර එකේම ආඩම්බරකාර ජාතියක්.
ReplyDeleteඑයාලා කවදාවත් අයිතිකාරයා පසුපස වෙනත් ගෙදරකට යන පිරිසක් නොවේ.
එයාලා වැඩියෙන්ම ආදරය කරණ්නේ ස්ථානයට.
එතැනට අළුතෙන් එන කෙනාගේ කකුලේ ඇතිල්ලිලා පුරු පුරු ගාලා ගානට සෙටමෝල් වෙන්න එයාලා දන්නවා!
බල්ලන් මීට ඉඳුරාම වෙනස්.
අයිතිකාරයා යන; තෙමෙන් වහලයක් තියෙන ගෙදරකට හරි එයාලා යයි.
අපේ ගෙදරත් හැම කාලෙකම වගේ පූසන් හිටියා!
ඒත් එයාලගේ ලෝම පොඩි අයගේ නහයේ ගියාම ඇදුම හැදෙනවා කියලා අම්මාට කියලා තිබුනු නිසා අපිට පූසන් ඇල්ලීමට පොඩි බාධාවක් අම්මා දැම්මා!
කොහොම උනත් ගෙදරක ලමයෙක් ගේ ඈඟිරි ගෑම ඇහෙන්න ඕන වගේ පූසෙකුගේ පුරු පුරුවයි ඥාව් ඥාව්වයි පොඩ්ඩක් තුයෙන්න ඕනෙ ගෙය උනාම!~
බොහොම ස්තුතියි ඒ සටහනට
Deleteආදරබර නිර්මාණයක් මේකනම්. ලස්සනයි අක්කේ.
ReplyDeleteජයවේවා
බොහොම ස්තුතියි මල්ලි
Deleteවිසිරි අක්කේ. කාලෙකින් ආවෙ අලුත් බ්ලොග් එකකින්. ඉතින් පුලුවන් වෙලාවක මේ බ්ලොග් එක පැත්තෙ එන්න. මම කවි දුමී.
ReplyDeleteජයවේවා
බොහොම ස්තුතියි මල්ලි ...එන්නම් කියවන්න
Deleteබව්වො වගේ ම්ටනම් පූසෝ සෙට් වෙන්නෙ නෑ අප්පා.
ReplyDeleteඅප්පේ එහෙමද ..මං නම් දෙගොල්ලටම ආසයි
Deleteඇත්ත. බල්ලො වගේ නෙමෙයි බලල්ලු. උන් ගෙ හැසිරීම, ආදරේ වෙනස්ම මානයක්.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteපූෂන්. ඔය පුරැ පුරැ පූෂ්ලට... ෂාලයො නැතුව බෑ අනෙ
ReplyDeleteඔව් නේන්නම්
Deleteමෙන්න දහයේ පෝස්ට් දාන්නේ නැහැ කියල පොරොන්දු වෙලා ගිහින් දාලානේ. විශ්වාස කරන්න පුලුවන්ද මෙයාලව ඉතින්. වර්ජනයක් මෙහෙයවන්න් පුලුවන්ද මෙයාල එක්ක. 😀අපේ පූසා ගැන මුකුත් කියල නැහැ
ReplyDeleteකොහොම හරි ලිව්ව එකක් තිබුනා. එහෙ එක්කෙනා හම්බ වෙන්න කලින් ලිව්ව එකක් මේක
Deleteමමත් සෑහෙන කාලයක් පූසෙකුගේ ගෙදර පදිංචි වෙලා හිටි බැවින් පූස් කතා බොහොමයි
ReplyDeleteඒ ගැනත් ලියන්න වෙලාවක
Delete++++++++++
ReplyDelete+++++
Deleteකකුල් හතරේ පූසන්ට නම් එච්චර කැමැත්තක් නෑ....හැබැයි කකුල් දේකේ පුසන්නම් හා - Mayya -https://maiyyagelokaya.blogspot.com/
ReplyDeleteහපොයි
Delete