Monday, December 11, 2023

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......

 



තුරු අගිසි පුරා පිපි මල් හීන ඇස ගැටුණ

කාලයක ජීවිතේ කවියෙන්ම හිත පිරුණ

මතක අමතක නොවන තුරාවට හිත රැඳුණ

යළි යළිත් පෙම් බඳිමි මට ම හිමි කවි සිතට......


පන්හිඳ'ග අතෝරක් නැතුව ගී කවි ලිව්ව

ඒ දවස් අමතකව නොයා යුතු බව කිව්ව

මගේ හිත හුදෙකලා ලෝකයක රස මැව්ව

ඉදින් ආයෙත් පුරුදු කවිකමට අත තිව්ව........


තුරු අගිසි මල් පුරන, පලදරන කාලයෙත්

සරත් කල පත් හලන පැහැ සලන දේශයෙත්

හිම තුහින අත ලඟම සැරිසරන මායිමෙත්

කවි අහුරු ඉහින්නට මග බලයි ආයෙමත්......


©කිත්මා වාසනා දහනායක

( විසිරි සිහින)

10 comments:

  1. ඉසින කවි අහුරු අහුලන්න මග බලමි.

    ReplyDelete
  2. ඒක සතුටුහිතෙන කාරණයක් අක්කා...බලාඉන්නවා ❤️

    ReplyDelete
  3. //ආයෙත් පුරුදු කවිකමට අත තිව්ව// ඒකනං හොඳා 💖✌

    ReplyDelete
  4. ඔයාට එංගලන්තේ ලස්සනට , හීතලේ ගුලි වෙලා කවි ලියවෙනවා නේද

    ReplyDelete
  5. දිනත් බොහො වේගයෙන් සැරසෙනව පියඹන්න
    වසත් කල පරදලා සීතලම උතුරන්න
    අලුත් සිතුවිලිවලින් ජීවිතය හැඩවෙන්න
    මමත් තව මග බලමි කවි සොඳුරු දැකගන්න...

    හරිම ලස්සනයි අක්කේ
    ජයවේවා !!!

    ReplyDelete