අඳුර හොරැහින් එබී ඉඟිමරන ඉසව්වක
අර ඈත අහස මට අතවනයි ඉගිලෙන්න
පත් වැරූ තුරු හිස්ද සුසුම් ලන දනව්වක
ඉතින් නෙතු නොපියාම හැකියි මට සැනසෙන්න.....
රන් රෝස පින්සලක් නිල් අහසෙ ඇඳෙන කොට
හුදෙකලා පාළු හිත නිවී යයි තරමකට
මාවතක පා නගන තවත් එක සැඳෑවක
කවියකට සිත් ඉමෙහි ඉඩ තියෙයි ඉබේටම.....
නිශ්චල සැඳෑ සමය සිත නිවන දසුනක් තමයි. ඒ හැඟීම හොඳන් ගොඩනැ/ිලා තියන බව පේනවා.
ReplyDeleteබොහොම ස්තුතියි
Delete++++++++++++++👌💐
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteහරිම ලස්සනයි නිර්මාණය අක්කේ.
ReplyDeleteජයවේවා !!!
බොහොම ස්තුතියි
Delete