ගිණිකඳුත් පුපුරා හැලෙන්නැති
යමහලක ගිනි ඇවිලි හද බිම
ප්රේමයෙන් ආතුරවු සිත බිඳ
කින්නරා පිටගම් ඇදුණ දින.....
.
හොවා ළය හිස සෙනෙහ පෑ සඳ
කිසිත් නොදැනුණි විරස් කාරණ
වනේ තුරු අස අප්සරාවක
කැල්ම වැදුණිද කියන් හිමිසඳ.....
.
නුඹේ ලෙය කුස දරා උන්නෙමි
පැටුන් සරි කර නොමග නොගියෙමි
ජීවිතේ වල්මත් සුයාමය
අහවරව යළි එතැයි වැටහුණි.......
.
ඉතින් සීතාවක් ම වන්නෙමි
බුදුන් දැක මතු නිවන් නොපතමි
හිතේ සැනසුම් සුසුම් පා කර
ප්රේමයේ අස්වනු නෙළන්නෙමි......
විසිරි
Sunday, December 9, 2018
95. කවි
හෘදය ත් මොළයත්
ගැහෙන
පෙනහලුත් හෙමිහිට හූල්ලන
ඉසව්වක තනිවී සුසුම් ලමි....
.
හිතෙන් කෑලමල් අමුණමි
හරිත නිම්නෙක වැතිර සැතපෙමි
දිය කඳුරු තුළ ගිලී නැහැවෙමි...
නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි...
.
ඇස අරින මොහොතක සසැලෙමි
අස්ථි පංජර අසල තනිවෙමි
මගෙ සිහින නුඹ නොදත් බව දනිමි ....
එහෙයින්ම සිනා වී සැනසෙමි.....
විසිරි @ රෝහල ....
ගැහෙන
පෙනහලුත් හෙමිහිට හූල්ලන
ඉසව්වක තනිවී සුසුම් ලමි....
.
හිතෙන් කෑලමල් අමුණමි
හරිත නිම්නෙක වැතිර සැතපෙමි
දිය කඳුරු තුළ ගිලී නැහැවෙමි...
නෙතු පියා නුඹෙ සුසුම් විඳගමි...
.
ඇස අරින මොහොතක සසැලෙමි
අස්ථි පංජර අසල තනිවෙමි
මගෙ සිහින නුඹ නොදත් බව දනිමි ....
එහෙයින්ම සිනා වී සැනසෙමි.....
විසිරි @ රෝහල ....
94. පරෙස්සමින් ගිහින් එන්න
අපේ ජීවිතයේ හෘදයාංගම වචන වලට තියෙන තැන ගැන මම නිවාඩුවෙ කල්පනා කලා...
.
ඉස්සරම දවස් වල ඉස්කෝලෙ පන්ති යනකොට අම්මාට වඳින වෙලාවට අම්මා කියන්නෙ...බුදුසරණයි ...පරෙස්සමින් ගිහින් එන්න ඕන තේරුනාද....ඒක ටිකක් තදින් ඒත් ආදරයෙන් දෙන අණක්....
.
ඒත් තාත්තාගෙ ගාවදි ඒක කියවෙන්නෙ ඊට වඩා මෘදුව...තාත්තා ලා එහෙමයි.....අදටත් තාත්තා ට උදේ වැඩට යන ගමන් කතා කලාම ...බස් එකේද දෝණි එහෙනම් පරෙස්සමින් යන්න කියනවා....ඒක මුලු දවසටම ජීවිතේ ආශීර්වාදයක් වෙලා තියෙනවා වගෙ දැනෙනවා.....
.
මමත් කොල්ලො දෙන්න බයිසිකලේ අරන් එළියට බහිද්දි කෑගහනවා...පරෙස්සමින් හරිද...කියල...ඒ අම්මෙක්ගෙ tone එක....කොහෙ ගියත් අම්මාට කියල යන පුරුද්ද ඇති වෙන්නෙ ඒ හරහා කියලා ඉබේම මට දැනෙනවා...
.
අපේ ගෙදර ඉතින් මගෙන් ඇරෙන්න මට ඕක ආයෙ කියන කෙනෙක් නම් නෑ....මොකද ස්වාමිපුරුෂයා සහ ළමයි දන්නව ....එළියට බැස්සොත් හරි පරෙස්සමට ආයෙ ගෙදර එන වගකීම අම්මා අත ඇති බව....ඉඳහිට උඩ බලන් ගිහින් ලයිට් කණුවක හැප්පෙන එක...බස් එකේ බ්රේක් ගහන කොට විසිවෙලා වැටෙන එක වගෙ ඒවා නෙවේ මේ කියන්නෙ...
.
සාමාන්යයෙන් කෙනෙක්ට කටපාඩමට පරෙස්සමින් යන්න...බුදුසරණයි ...take care, god bless...ඕනම එකක් කියලා දාන්න පුලුවන් ....ඒත් හෘදයාංගම ව ප්රාර්ථනා කරන දේක ඊට වඩා ලොකුම ගැම්මක් හයියක් තියෙනවා....ඒ කියන කෙනා තමන්ගෙ කවුරුවත් වෙන්න ඕන නෑ ඒ වෙලාවට......
.
අපි ජීවිතේ හෙම්බත් වෙන කල් වැඩ කරන මිනිස්සු...ඒ ජීවිතේ තමන්ට ආශීර්වාද කෙරෙන සමහර වචන හරියට සෙත් පිරිත් වගේ.....

93. ආදරේ කියන්නේ .....
ආදරේ කියන්නේ ......
ආදරේ කියන්නේ... වචන වලින් ලියා හමාර කරන්න බැරි දේවල් වලටය..
.
ආදරේ ගැන ලියන්නට ගියාම හිතට මුලින්ම එන්නේ තාත්තාය...තාත්තාගේ ආදරේ කියන්නේ...උපමා උපමේය සියදහසකට එහා යන දෙයක් ය...
ඉස්සරම සිඟිති කාලේ මතක පවා අද ඊයේ වූවා සේ ගෙන හැර පාන්නේ ඒ ආදරණීය හිතේ දරුවන් ඉන්නා තැන පෙන්වන්නටය...
.
ඉස්සරෝම කාලෙක මෝටර් බයිසිකලයේ මා පසුපසින් නංවාගෙන පන්ති එක්ක යන දිනක පාරට පැන්න බලු පොරයක් නිසා පෙරලී වැටෙද්දීත්....තාත්තාට කෑගැහුණේ මගෙ කෙල්ල දෙයියනේ කියාය....අතේ වැලමිට ලඟ ඒ තුවාල කැලල අදටත් මට තාත්තාගේ ආදරය පිරි හඬ මතක් කර දෙයි....
.
අම්මා ගේ ආදරය ....හංගා ගෙන උන් අපූරු දෙයකි....ගෙදරින් කොළඹට යන තෙක්....ඒ ආදරය මට ලැබුණේ ..පෙන්නුවේ මංචාඩි ගානෙනි....බෙදුවේ කන් හැන්දෙනි....ඒත්...ඒ මගේම නස්කූණි ගති නිසා වෙන්නට ඇත....
.
ගෙදරින් කොලඹට ආ දා සිට මාසයකට ලියුමක් දෙකක් ඈ අතින් ලියවින..අර කන් හැන්දෙන් බෙදපු ආදරය පොල් කටු හැන්දෙන් බෙදන්නට ඈ ඒ ලියුම් වලින් සමත් වූවාය...ස්වභාවයෙන්ම ගෙදරදී කෑම තෝර තෝරා කෑ මට කොලඹ බෝඩිං කෑම පත්තියම් නොවන බව ඈ දැන උන්නත් ...පාඩම් කරන නිසා " තණකොල " හරි කන්නයැයි ඈ ලියා එව්වාය... .
අම්මාගේ ආදරය ඇය අතින් ගවුමක් මසා තුරුණු වියේදී අන්දවන විටත් මනමාලියක වී ඇගෙන් දුර යන දා කලාතුරකින් ඇගේ ඇස දුටු කඳුලකත් මම දැක්කෙමි.....
.
ආදරය කියන්නට ගත්තා පමණි....ඇයට සුරලොව බලා ගමන් කරන්නට වූයේ ....මගේ ලෝකයේ ඇතුළාන්තයේ ආදරය ඉල්ලා හඬන දැරිය හුදෙකලා කරමිනි.....
.
ආදරය කියන්නේ හරි ම අපූරු මනෝ භාවයකි...අම්මා තාත්තා යනු ඒ ආදරයේ සංකේතයන් ය....වචන වලින් කියාගන්න ට බැරිවූ ආදරය අද සංකාවෙන් අමුණ අමුණා ලියන්නට සිදුවන්නේ අවාසනාවටමය......
.
අම්මා තාත්තා යනු දරුවන් මත්තේ තම ලෝකය දියකර හරින්නන් ය....ආශාවන්...බලාපොරොත්තු සියල්ල දරුවන් වෙනුවෙන් කැප කරන්නන් ය....ඊට එහා ආදරයකට උපමා උපමේය ඇත්දැයි මම නොදනිමි.....
.
අම්මා ට ජීවත් ව ඉන්නා තාක් කල් හිතේ තිබූ ආදරය කියාගන්න ට හිතේ හැටියට බැරි වුණත්...තාත්තාට අද මම ආදරය කියමි....ඒ තාත්තේ මම ඔයාට ආදරෙයි කියා ම නොවන මුත්...දවසකට දෙකකට වරක්....වල්පල් දෙඩීමෙන් සහ ....හොඳින් පරෙස්සමින් ඉන්න යැයි තරවටු කෙරීමෙන් ය....
.
ඒත් උපන්දිනය දාට සුබ පැතුම් පතක් මගේ අතින්ම හදා තාත්තේ මං ආදරෙයි කියා ලිවීම තරම් ...ඔහුට වටිනා වෙන දෙයක් නැති බව මම හොඳාකාරව දනිමි.....
.
ඉතින් ....ආදරය කියන්නේ ඒකටය.....

92. ජිවිතය නම් එයමය
ජීවිතය කෙතරම් වෙනස් ද....?
ජීවිතය යනු කෙතෙක් වෙනස් අන්දමේ පැවැත්මවල්ද යන්න ඉගනගන්නට නම් මේ ඉන්නා ඉසව්වෙන් ඔබ්බට යා යුතුය..
ඌව වෙල්ලස්සේ දුෂ්කර පළාතක සායනයක් හමාර වී....
මිදුලේ තබා තිබූ පුටු පෙළක හිඳිමින් මම ජීවිතය ගැන සිතමි.....
.
ඉරිඟු යායවල් වල...කුඹුරු හේන් වල දවසම ඔට්ටු වන අපේම මිනිසුන් ගේ හෙම්බත් මූණු අතරේ හිනාවන් උපදින්නේද වෙහෙස තුළින්මය....
.
මගේ යාබද අසුන් දෙකක සායනයට පැමිණි අම්මලා සමග ආ කෙළි පොඩ්ඩියන් තුන් දෙනෙකි...අවුරුදු දොළහ දහතුන වයස් වල වුවත් එතරම් නොවැඩුණු සිරුරු ඇති කෙසඟ කෙල්ලන් ය ....උවමනාවකින් කොණ්ඩ පීරා නැත...ඇඟලූ ඇඳුම් ද ඔහේ අඳින්නන් වාලේ ඇඳගෙනය....ලෙල්ලට ගෙවුණ බාටා කුට්ටම් පය ලා තිබුණත්...කකුල් පුරා දූවිලි පුරෝගෙනය....
.
නම ගම පන්තිය අසා පටන් ගත් කයිවාරුව හවස තුනට සායනය අහවර වන තුරුම ඇදෙන්නේ ....මා සමග ආ සෙසු අය තවමත් රෝගී පරීක්ෂාවල හෙයිනි....මුහුණු වල ඇත්තේ අධික හෙම්බත් බවකි...අසල වූ වෙලඳසැලකින් බිස්කට් සහ යෝගට් ගෙනවිත් තුන් දෙනාට බෙදා නුහුරු බසින් කියැවෙන තැන්ක්යූ වචනය අසා හිත පුරෝගතිමි....
.
නැන්දා කොහෙද....
මාව පරීක්ෂණයට ලක් වන්නේ කටට පණ ආ ගිරා පැටික්කන් ගෙනි...
කොළඹ...
කොලඹ කොහෙද ?
එහෙ ඉස්පිරිතාලෙ ...
.
සාරි පොට එක අතක පැටලිලාය..මම හෙමින් එක් හිසක් අතගෑමි....
දින ගණනාවකින් නොනෑ හැඩපලු කොණ්ඩයකි..යාන්තමට මුඩු තෙල් සුවඳකි...
.
ඔයාල ලොකු වුණාම කවුද වෙන්න ආස ...?
.
ඩොක්ටර් කෙනෙක්...
.
ඇත්තෙන්ම ඒ මගේ ළමාවියයි...මගේ ඒ වයසේදී මුවින් පිටවු පිළිතුරයි....
.
සායනයේ දී....අවුරුදු තිස්පහක් හතළිහක් වන සමහර අම්මලාට අත්සන් කරන පෝරමයේ තමන්ගේ නම ලියාගන්නටද ඉමහත් වෙහෙසක් දරන්නට විය ..එවන් අම්මලා ගේ දරුවන් මේ දකින සිහිනයද.......බොහෝ දුරට සිහිනම වී බොඳ වී යන්නේ....කාගේ වරදින් දැයි සිතාගත නොහැක.....
.
ජීවිතය වේදනාත්මකය....
හිස දවන ගිනි හිරු ට යටින්...ඉරිඟු හේන් පුරා නින්නාද වන අර ළමා සිහිනයන් ගැන මට අප්රමාණව දුක සිතේ.....
.
යන්නට පෙර බුදුසරණයි නැන්දේ කියා දණ නමා වැන්ද කෙල්ලන් මගක් දුරට යන තුරු බලා උන්නෙමි....එක දැරිවියක් ආපසු හැරී සිනා වූවාය...මම අත වනා සමුදුනිමි......
.
අනේ.....ඒ සිනහවන් බොහෝ සොඳුරුය....

Wednesday, August 1, 2018
91. ශක්තිමත් වන්න
විෂය කාරණයකට අදාල එකක් වුනත් මට මෙන්න මේ කාරණය ගැන සටහනක් ලියන්නට හිතුනා....
අපිට ජීවිතයේ අතරමැදි අවස්ථා තියනවා...ඒ කියන්නේ යම් යම් අවස්ථාවන් තියනවා බොහොම negative point එකක ඉඳන් positive point එකකට යන්න වෙන...මේ අවස්ථාවට අපි කියන්නෙ Transition stage කියල...මේක අසීරුම අවධියක්.....හැබැයි මේ ඉසව්ව පැන්නම අපි අර බොහෝම අසීරු තැනින් මිදිලා යම් විසඳුමකට එනව ......
මෙන්න මේ transition period එක ගැනයි මම මේ කියන්න යන්නෙ....
ඒක අපේ ජීවිතයේ ඕනම නරක අත්දැකීමක් වෙනුවට ආදේශ කරලා බලන්න පුලුවන් ...
..
.
ඒක ලෙඩක් දුකක්..අහිමිවීමක්...අසමත් වීමක්...ආබාධයක්...මරණයක්....ඕනම එකක් වෙන්න පුලුවන් ....
.
මෙහෙම දේකදි....මුලින්ම වෙන දේ තමා .....මොකුත්ම නොදැනෙන කාලයක්.... අවස්ථාව ...thoery එකට අනුව නම් ඕකට අපි නිර්වින්දක අවස්ථාව කියනව.....immobilisation period..එකක් මේක......මොකුත් හිතාගන්න බෑ......හිරිවැටිලා වගේ හැඟීම් දැනීම් නෑ......
දෙවනියට mood swing වෙන අවධිය
මේකට අපි reaction period එක කියනව....අර මොකුත් නොදැනෙන එකෙන් පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා.......ඒ කාලෙදි අපේ mood එක වෙනස් වෙනව......අඬන්න ඕන කෙනාට අඬන්න පුලුවන්.....තරහ අරන් කෑගහන්න ඕන නම් ඒකත් කරන්න......මේ කාලෙ ටිකක් අමාරුයි........
ඒත් negative පැත්තෙන් positive පැත්තට යන්න අපි පටන් අරන්........
තුන් වෙනි අවධිය කියන්නෙ self doubt...ඒ කියන්නෙ......හිතන්න ගන්නවා......මොකක්ද මේ උනේ කියල .......මේක ජිවිතයේ negative අවස්ථා වලදී වගේම positive අවස්ථා වලදීත් අපි අත් විඳිනවා.හිතන්න විවාහයක් වගේ දෙකදී..ගර්භනී වීමකදී..අපි පත්වෙන ඒ නොසන්සුන් බව තමා මේ self doubt එකේ positive අවධි වෙන්නේ...negative තත්වේදී මේක ටිකක් භයානකයි.මොකද තරහ වගේම ලොකු ආතතීන් අපිට එන්නේ මෙන්න මේ වේලාවට ....
ඊළඟට මොකද වෙන්නේ ....මෙතනට එනකල් ම අපි ඉන්නේ බොහොම අසරණ තත්වෙක...
මෙතැනදි අපි ව අසරණ කරන දේ තමා....අපි අපේ අතීතයට attach වීම ...ඒකෙන් තමා අපිව පස්සටම අදින්නෙ....ඉස්සර මං උන්නෙ එහෙම යි..මෙහෙමයි......කිය කියා වද වීම අපි ඉස්සරහට යෑම පමා කරනවා......නමුත් මේ ඊළඟ අවධිය ඒ කියන්නේ letting go අවධියේදී ...අපි එකෙන් මිදෙන්න උත්සහ කරන්න ගන්නවා....මේක අපිට අවදානම් අවධියක්...නමුත් ඉස්සරහට යාමේ පළමු පියවර ඔබ නොතිබ්බොත් ඔබට අනික් අන්තයට යන්න බැහැ...
මෙතන පන්න ගත්තම testing අවධිය....දැන් අපි පටන් ගන්නවා...මේකෙන් මිදෙන්න විවිධ දේ අත් හදා බලන්න....විකල්පයන් මොනවද කියල හොයන්න ගන්නවා...ඒ වගේම අපේ successes and faliures අපිම අත් හද බලනවා....හිතාගන්න බැරි විදියට ඔබේ මූඩ් වෙනස් වෙන්න ගන්නවා....
මේ අන්තිම අවධිය..මේකට අපි කියන්නේ interaction period ....කියල....මෙතැනදී අපි සාර්ථක වෙලා ...එහා ඉවුරට පැනල ඉවරයි....ඉතින් ලේසි නැති උනත් මේ ගමන යන්න වෙන්නේ මුල තැනින් අරඹලා.....සමහර වෙලාවට අපි ලද දෙයින් සතුටු වෙන්නෙත්...උන්න හැටියට මේ මදැයි කියල හිත හදාගන්නෙත් මෙන්න මේ කාලේදී වෙන්න පුළුවන්...නමුත් ඒ පියවර..ඔබ කලින් උන්න ප්රපාතෙන් ගොඩට ඒමක්.....බින්දුවේ ඉඳල සියයට යන්න එක පාරටම බෑ...දහය විස්ස ඉඳල ඕන ඒ ගමන යන්න.....
මගේ ක්ෂේත්රය වෛද්ය විද්යාත්මක නිසා අපි මේක ගොඩක් ආදේශ කරගන්නේ රෝගීන් ව නගා සිටුවන්න....නමුත් මම මේක යොදාගන්නේ....ඕනෑම කෙනෙක්ගේ ජීවිතේට සුළුම හෝ කඩාවැටිමකදී...නැගිටින්න සුදුසු මග ලෙසට........
ඉතින් මේ සටහන ටික ටික ලියලා අදයි ඉවර කරගත්තේ...මං හිතනවා මේක ඔබට නීරස සටහනක් වෙන එකක් නැහැ කියල.....
එහෙනම් ආයේ එනකල්....
be strong
මම

Thursday, June 14, 2018
90. ජීවිතේ සුන්දරයි ....
ජීවිතය කෙතෙක් නම් සොඳුරුද..
~~~~~~~~~~~~~~~~~~~~~~~~
සති ගාණක් තිස්සේ ලියන්න හිත හිතා උන්න එක කාරණයක් තිබුණා...ඒකට හේතු වුණ කාරණාත් සුලබ වුනා..මේ ටිකේ..ඒත්..විවේකය අඩු වගේම..ලියාගන්න නිදහසක් හිතට ආවෙ නෑ.....
අද සහභාගී වූ පාඨමාලාවක දි එම පාඨමාලාවෙ සම්බන්ධීකාරක මහත්මිය අපේ කණ්ඩායම වෙත ඇවිල්ලා මෙහෙම කතාවක් කීවා...
" මං ඊයෙ ගෙදර යන ගමනුත් කල්පනා කලෙ ඔයා ඉන්න විදිය ගැන...ඔයා හරි සැහල්ලුවෙන් නෙ ඉන්නෙ..මෙච්චර දුරක් උදේ ම ඇවිල්ල...රෑ වෙලා යනවා...වැඩත් හරියට..වගකීමත් වැඩියි...ඒත් කිසිම දෙයක් ගණන් ගන්නෑ වගේ සැහැල්ලුවෙන් ඉන්නව...ඒක කොච්චර ශෝක් ද කියල..."
නිහඬ හිනාවකින් ඒක ට උත්තර දුන්නා මම.....
ජිවිතේ කියන්නෙ මහා බර පොදියක් විලසට ඔලුවට ගන්න ගියොත් එය දරා ගන්න අමාරුයි.මම කියන්නෙ සියල්ල ගණන් නොගෙන ම ඉන්න නොවෙයි..නමුත් ජීවිතේ හැම සුලු සහ මහා දේ බරක් කරගත්තාම ...හිතට කිසිම දාක නිදහසක් නෑ දැනෙන්නෙ....ඒක නොසන්සුන් බවක් වෙලා වදයක් වෙන්න මහ කලක් යන්නෙ නෑ....ඒක වෙන්න දෙන්න එපා .
මාව පෞද්ගලික දන්න වගේම නොදන්න අයගෙ කතන්දර ගොඩක් එක්ක මට ලියන්න හිතුණෙ මෙන්න මේ දේ ගැන...
ඔබට ඔබ වටිනවාද......?
අද කාලය ගත්තාම ජීවිතේ වදයක් හිරිහැරයක් ලෙස වටහා ගන්නා තරුණ වගේම වැඩිහිටි පරපුර ක්...නිතර අපි වටා ඉන්නව...මම මේ ගැන දකින ප්රධානම හේතුව....මිනිස්සු තමන්ට ප්රමුඛත්වය නොදීම...තමන්ට ආදරය නොකිරීම සහ තමාගේ වටිනාකම අවබෝධ කර නොගැනීම....
අද කාලය ගත්තාම සියදිවි හානි කරගැනීම් ඉතාම සුලබ වනවා වගේම එම ප්රයත්නයන් සාධාරණීකරණය කරන ප්රජාවත් එන්න එන්නම වැඩිවීමක් පෙන්වනවා...
ජිවිතේ ගත්තාම එකම දවසක හෝ මේ ජීවිතය බරක් යැයි නොහිතුණ කෙනෙක් ඉන්නවා ඇතැයි මම හිතන්නේ නෑ...ජිවිතයේ එක් එක් කාල වකවානුවල ...ඒ ඒ වයස් වලදී මුහුණ පාන විවිධාකාර ගැටලු නිසා...මේ ජීවිතය මහා වදයකැයි මටද නොසිතුණා කීවොත් එය බොරුවක් ...
නමුත් ...හැම ප්රශ්නයක්ම සාපේක්ෂ බව හිතන්න මට නම් එදත් අදත් එකම ලෙස හැකි වීම වාසනාවක්....
උදාහරණයක් ලෙස ජීවිතේ එක් වකවානුවක බරපතලම ගැටලුවකට මුහුණ පාන්නට වූ යුගයක....මටද සිතුණා...මේ ජීවිතය පලක් නැති බව...කිසිවෙක්ම මටය කියා නැතැයි මට සිතෙන්නට ගත්තා...ඒ යුගය වන විට ජීවිතේ සමහර හැඟිම් මහ හිතුවක්කාර තත්වයක තිබුණ බවත් මට මතකයි .
නමුත්...ඒ හැඟීමට මා යටපත් කරන්නට ඉඩක් නොලැබුණේ ..ඒ වකවානුවේ මට ජීවිත දෙකක් ගලවා ගැනීමේ ක්රියාවකට බැහැලා වැඩ කරන්නට වුණ නිසා...
මගේ ඥාති සොහොයුරියක් ගැබිණි සමයේදී ඇගේ කලලයේ වූ අසාමාන්ය තත්වයක් නිසා ටිකක් බරපතල ප්රතිකාර මාලාවකට යොමු කර රැගෙන යාමේ වගකීම මට පැවරුණා .ඒක මම ම පවරාගත් එකක් කීවොත් වඩා නිවැරදියි.....
.මිනිස්සු ජීවිතය ගැන බලාපොරොත්තු ගොඩනගන අන්දම ඒ ජීවිත තුලින් දකින වාරයක් ගානෙ....මගෙ අව සිතුවිලි මගෙන් ඈත් වුණා
ජීවිතය කඩා වැටෙන මොහොතක තමන්ට වඩා ප්රශ්න ඇති සිය දහසක් මිනිසුන් සිටින බව සිහි කරන්න...
ඔබ මානසික සංකූලතාවයකින් පෙළෙනවා නම් මේ ස්වයං යෝජනා වලට පෙර වෛද්ය ප්රතිකාර ගන්න..එය ඉතාම අවශ්ය දෙයක්...
කෙනෙක්ට තමන්ට ගැටලුවක් හෝ එපාවීමක් ඇති බව අවබෝධ වීමම මම දකින්නේ හොඳ ලකුණක් ලෙස...ඒ insight එක ..ඔබට ගැටලුවෙන් පිටට එන්නට පාර කියාවි...නමුත් ප්රතිකාර අවශ්ය විටක....එයටත් අනුගත වන්න....
ඔබට ගැටලුවෙන් පිටට ඒමට අවශ්ය වියයුතුමයි...
සමහරක් විට ඔබේ හිත ඔබට යෝජනා කරන්නේ කඩාවැටීමටමය..ස්වභාවයෙන්ම ගත් කල අපි විඳීම හා සමානව විඳවීමේද ගැලෙන අය වෙමු...
එපා වීම...කලකිරීම...වැනි යෝජනා ඔබට ඔබේ හිතෙන් ගෙන එන වාර වලදී...ඔබ එයින් මිදෙන්නට වඩා එයම තහවුරු කරගන්නට නැඹුරු වීම ඉතා වැඩිවේ....ඒ අපේ යටි සිතේ හැටිය...
තුවාලයක කබොල කඩමින් ලබන වින්දනය හා සමානව...අපිද වැඩකටම නැති අසුබ දෙයෙහි ගැලි ගැලීම ඉන්නෙමු.....
ජීවිතය ඉතා සුන්දර බව අදහන්න...ඔබම එය වටහාගන්නවා විනා ..එය ඔබට අනෙකෙක් කියාදෙන්නේ නැත...
කියාදුන්නත් එය ප්රායෝගිකද නැත..නමුත් ..අත්විඳින්න...ජීවිතය හරිම සුන්දරය...
ඔබ විඳවන්නේ අනෙකෙකු නිසා නම්....ඔබ ඊට පෙර ඔබ ගැනම සිතුවාදැයි මම අසමි....තමන්ට අහිමි වූ හෝ හැරගිය අයෙක් වෙනුවෙන් ජීවිතය ම වෙන් කර විස්සෝප වන්නට පෙර.....ඔබ ඔබ ට කෙතෙක් ආදරය දැයි සිතන්න....
ඔබට ඔබම ආදරය වීමට කිසිත් කාරණා අවශ්ය නැත...
ඔබ ට ඔබ මේ ලෝකයේ සිටින සුන්දරම ...ආදරණීයම...ලෙන්ගතුම ප්රාණියා විය යුතුය.....ඉන් එහාට අනෙක් අය සිටියාට කමක් නැත......
අනෙකෙකු වෙනුවෙන් ජීවිතය වෙන් කර...එයින් පැරදෙන ඔබ ....ජිවිතේ ජයග්රහණය ඇත්තේ එතුලම බව කිසිම විටෙක දන්නේ නැත...කොටින්ම කිවහොත් ඔබට එය පෙනෙන්නේ නැත....
ජීවිතය නූලක එල්ලෙන අස්ථාවර දෙයක් වෙද්දී....එම ජීවිතය ට පෙම් බඳින්නවුන් ඔබ දැක ඇත්ද....පිළිකාවකින් ජීවිතය හැරයන්නට ඔන්න මෙන්න සිටින අයෙක් ඔබ දැක තිබේද....ඔවුන් ප්රශ්න හෝ ජීවිතේ පලායෑම් ගැන නොසිතූ අය නොවේ....එහෙත් ඔවුන් ජීවිතය ට පෙම් කරන්නේ....ජීවිතය අහිමි වෙන්නට යන බව දැනගත් දා සිටය....මම මගේ සොහොයුරෙක් ගේ ඒ අවසානය මනාව දැක විඳ ඇත්තෙමි.......ඔහු ජීවිතය සෙවූ අයුරු බලා සිට ඇත්තෙමි....ඉන් පෙර ඔහු ජීවිතය විඳි අයුරද දැක ඇත්තෙමි.....වෙනස එතැනය...
අනුන් වෙනුවෙන් ජීවිතය පවත්වාගන්නට කිසිවෙක්ට අවශ්ය නොවේ....ඔබ ජීවත් විය යුත්තේ ඔබ වෙනුවෙනි....අනුන් වෙනුවෙන් නොවේ....එසේ ජීවත් වෙන්නට හේතුවක් නැත්නම්.....අද ඒ හේතුව ඔබම සොයා ගන්න යැයි මම ඔබට කියමි......
ජීවිතය හැර යන්නට සිතන කිසිවෙක් ඒ හැරයෑම වේදනාකාරී වනවාට කැමති නැති බව මම ඉඳුරාම පවසමි....මරණය කිසිදු විටෙක සුන්දර නොවේ...මරණයද සුව පහසු වෙනවාට අපි කැමති ඇයිදැයි මඳක් ඔබ සිතුවාද....
හදිසි ආවේගයකට හැර සංවිධානය කර ජීවිතය තොර කරගන්නට වෑයම් දරන්නන්......ඒ ප්රයත්නයේ අවසන් මොහොතේ....ඉල්ලා සිටින්නේ ජීවිතය බව මම රෝහලේදී ඇස් පනාපිටම දැක ඇත්තෙමි....
මන්ද හැරයෑම ...සියලු දුක් නිවාරණය නොවන බව ජීවිතය අපිට කියාදෙන්නේ අන්න ඒ මොහොතේදී වන හෙයිනි......
මෙතරම් ලියන්නේ......ඇස් ඇරෙන්නට කාලය මේ යැයි මම සිතන හෙයිනි....
කෙසේ වතුදු...ඔබ හෝ මම අවුරුදු සියයක් ජීවත් වන්නේ නැති අයය....අපේ මේ කෙටිම කෙටි ජීවිතේ සුන්දරව ගෙවන්න ට ජීවිතයට අවශ්ය වන්නේ .....ආදරය පමණි....
ඒ ආදරය ඇත්තේ ඔබ තුලම මිස ...අවශේශයන් තුල නම් නොවේ......
ඔබට හිනාවෙන්නට අවැසි නම් ....මේ එයට කාලයයි....
ඔබට .....හඬ නගා සිනාසෙන්නට අවැසි නම් ....එයට නිමිති දාහක් ඔබ වටා ඇත....
ඔබ ....ඔබට ආදරය කරයි නම්.....ඔබගේ ජීවිතය තරම් සුන්දර කිසිවක් මේ මිහිමත නැති බව මම ඉඳුරාම පවසමි......
අනවශ්ය බර පොදි පසෙක ලන්න....ජීවිතයේ සැහැල්ලුව විඳින්න....
අතහැරීම යනු.....ජීවිතය අතහැරීම නොවේ....ඔබේ ජීවිතය ට පිරී ඇති දුක් දෝමනස්සයන් සහ කුණුකන්දල් ටික අත හැරීමය......
එය ජීවිතය ට ආදරය කිරීමේ මුල්ම පියවරයි......
විසිරි.....

Subscribe to:
Posts (Atom)