Tuesday, December 26, 2017

82. ජීවිතය ...සරලයි



ජීවිතය .....පාඩම් මාලාව අතරමැද්දෙ ටිකක් කාර්‍යබහුල වුනා මම....
රාජකාරිමය වැඩ එක්කම....
ඉතින්...
පසු ගිය දවසක මම සහභාගී වන වැඩ සටහනක් ගැන මං මේ කියන්නෙ....
.
ඒක public speaking skills වැඩිදියුණු කරන්නට සැකසූ පුහුණු පාඨමාලාවක්...
.
එහි එක් අංගයක් තමයි...
.
තමන් ගැන නිර්මාණාත්මකව සභාවට විනාඩි තුනක කතාවක් කිරීම.....

.
ආයෙ මොනවද තමන් ගැන ...නේද....
මේකෙ වැඩ දෙකයි
එකක් ..
මේක ඉංග්‍රිසියෙන් කෙරෙන්නෙ
අනික නිර්මාණාත්මකව කෙරෙන්නෙ
.
මං මං ගැන කිව්ව හැම දේම නෙවේ...
ඉන් එක දෙයක්..
ඔබට කියන්නම්....
.
ඔබ දන්නවා නේද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනිය..ඒ වගේම ළමා කතාකාරිණිය සිබිල් වෙත්තසිංහ මහත්මිය . ..
ඇය බොහෝ ස්වයං විග්‍රහයකදි කියන එක දෙයක් තමයි....
හැම වැඩුණු කෙනෙක් තුළම වයසට නොගිය කුඩා ළමයෙක් ඉන්න බව.....
..
.දැන් මෙතන සිට සැතපුම් සිය ගාණකට ඈත ගමක වෙල් දෙනි වල තණකොල පෙත්තන් පසුපස ඇවිද දුවන....කුඹුරු යායවල් අතරේ ඇති ඇලමං වල නිල් මානෙල් කඩන...දිය වක්කඩවල දංඩි පැටව් එක්ක අටෝරාසියක් කතා කියන කෙට්ටු ගැහැණු දැරියක්...අවුරුදු හතළිස් ගාණක් වන මගෙ ඇතුළෙත් ඉන්නවා....
.
සත්තකින්ම ...ජීවිතේ පීඩන මතුවෙද්දි....කඩා වැටෙන්න නොදී....කාර්‍ය බහුල රස්සාවක වගකීම් අස්සෙ අතරමං වෙන්න නොදී...මාව රැකගන්නෙ අන්න ඒ දැරිවි....
.මොකක් හෝ විකාරරූපී කටයුත්තක් කරන්නට..ඒක විඳින්නට සහ අන්තිමේ ඒ වින්දනය අකුරු කරන්නට .....
ඒ දැරිවි අදටත් මාව පොලඹවනව......
.
අපි බොහෝ දෙනෙක් වැඩිහිටියන් වෙන කොට ඒ ළමා චරිතය අතහැරලා එන්න බලනව....
එපා...
ඒක වෙන්න දෙන්නම එපා...
ඔබට ලෝකයම නැතිව ගියත්...
තමන්ගේ ළමාකාලය...ඒ සරල බව...සුන්දරත්වය ..සහ මෙලෝ සංසාරයක් ගණන් නොගෙන ඉඳීම වගේ අපූරුම ගුණාංග එතනින් ඉතුරු වෙනව.....
.
..
.
.කොහොමින් කොහොම හරි අර තණකොල පෙත්තන් පස්සෙ දුවන ගෑනු ළමයා සභාවක් ඉස්සරහ සාරිකාරියෙක් ඇතුළට වෙලා....සභාවම අල්ලාගෙන විනාඩි තුනක කතාව සස් ගාලා ඉවර කලාලු......

ස්තුතියි එහෙනම්
මම 

විසිරි 

Friday, December 22, 2017

81. නිදහස .....






ඔබ ජීවිතයේ ලබන්න කැමතිම දේ කුමක්ද කියලා යමෙක් ඇහුවොත්...
.
ඔබ වැඩි දෙනෙක් කියාවි...ඒ තමා නිදහස කියල....
ඇත්තෙන්ම ...ඇයි මිනිස්සු නිදහසට එච්චර කැමති....
.
මම මේ දිනවල මගෙ පුතා එක්ක වාර විභාගයට පාඩම් වැඩ කරනවා.....අපේ ඉතිහාසය ගත්තාමත් මිනිස්සු නිදහසක් ලබන්න...මොන තරම් කැප වෙලා තියද කියලා ආයෙ ආයෙම හිතෙනවා....
.
.ජාතියක් විදියට 
ආගමක් විදියට
රටක් විදියට.

ඒ ලබන නිදහස කියන්නෙ බහුතරයකට අවශ්‍ය දේ...අනුන්ට යටත් නොවී ඉඳීම...අනුන්ගෙන් යැපෙන මානසිකත්වයේ නොසිටීම....වගෙ දේවල් ....ඒ නිදහසේ ලකුණු..
.
නමුත් ...අපි ආධ්‍යාත්මික අතින් ගත්තාම....මානසික අතින් ගත්තාම ...අපි ඇත්තෙන්ම නිදහස් ද ......

මම සහභාගි වන එක් වැඩමුලුවක අපි කතා කල මාතෘකා අතරින් එකක් මේක....
සහභාගි වන අය එක එක අදහස් දුන්නා....
.
ඇත්තෙන්ම ඒ හැම අදහසකම එකතුව ...අපි ඉතාම නිදහසට කැමති බව...
නමුත් එතන උන්න අය කිසිවෙක්..නිදහස කියන්නෙ සීමා බැමි සංස්කෘතිය කඩාගෙන යැම කියන එක සනාථ කලේ නෑ.....
.
ඇත්තෙන්ම නිදහස කියන දේ අපි එකිනෙකා දකින අන්දමට අනුව වෙනස් ...
අම්මා කෙනෙක් ...නිදහස කියන දේ හුඟාක් වෙලාවට දරුවන් සහ කුටුම්භය වෙනුවෙන් කැප කරනවා....ඒත් එතන මට නිදහසක් නෑ කියලා කන්කෙඳිරි ගෑමක් නම් නෑ......
.
සීමා කඩාගෙන යැමට කලින් සීමාවල් ගැන ගෞරවනීය අන්දමට හිතන්න කෙනෙක්ට පුලුවන් නම් ....අන්න එතනදි....සැබෑම නිදහසක් අපිට හමුවෙන බව මට හිතෙනවා....
.
මම ආයෙ ටික දිනකින් එනතුරු....
ඔයාලගෙ අදහස් මට මෙතන ලියා තබන්න..
සංවාදයට විවෘත අදහසක්....


මම 
විසිරි 

Thursday, November 30, 2017

79. ජීවිතය...සුන්දරයි....

මේ සටහනත් ජීවිතය ගැනමයි.....





අර ජීවිතය.... life..පාඩම් ටිකේ ඊලඟ අදියරට එන්න....තව ටිකක් දවස් යනවා...
ඒ අතරේ ජීවිතය හා සම්බන්ධ වුණ අතුරු කතාවක් මේක....
.
මේකත් මෙතනටම හරි ගියේ....ඒ පාඩමටම සම්බන්ධ වූ දෙයක් නිසා....
.
එදා...පාඩම ට අදාල දවසේ මම උදේ සේවයට එනවිට ...මට එනවා දුරකථන ඇමතුමක්..
.
ඒ මගෙ සිසුවියකගෙන්....
ඇය...ඇසුවේ ඇයට අද පාඩමට අදාල සටහන් ටික ගෙන එන්න අමතක වූ නිසා..නැවත බෝඩිමට ගොස් එය රැගෙන ඉක්මනින් එන්නද...කියායි...
.
මම ඇයට ....එයට අනුමැතිය හා අවසරය දුන්නේ නෑ.....අද පාඩම අලුත් දෙයක් හෙයින්...එයට සහභාගී වන ලෙස මම පැවසුවා....

Life span development දේශනයේ එක් තැනකදී..ජීවිතය ට සම්බන්ධ යුතුකම් සහ වගකීම් ගැන ඔවුන් කතා කරද්දී.....මට මේ කාරණය ගැන ඔවුන් හා කතාබහ කරන්නට අවස්ථාවක් ආවා...

How many of you plan your next day...?

මගෙ විමසුම ඒකයි....
අපි ඇත්තෙන්ම හිතනවා අපි සැලසුම් ඇතුව වැඩ කරන බව....නමුත් එය ක්‍රමානුකූලව කරනවද....
සිසුන් අතරින් විවිධ අදහස් ආවා...
කාලය කලමනාකරනය කරගන්නට.....to do list එකක වැදගත් කම ගැන අපි කතාකලා...
..
හැම දවසකම අවසානයේ හෙට වෙනුවෙන් සූදානම් වීම ඉතාම වැදගත්....අත්‍යාවශ්‍ය කරුණු කාරණා ගොනු කල කුඩා ලයිස්තුවක්...එහි කාරණා සම්පූර්ණ කල ගමන් ලකුනු කිරීමෙන් අපි දැනගන්නවා අපි එදා දිනය තුළ සම්පූර්ණ කල දේවල්...

ඔව්...අතහැරෙන මගහැරෙන...කරගන්නට බැරිවෙන දේවලුත් එතන තියේවි....ඒක ඉන් ඉස්සරහට ආයෙම ගෙනියන්න පුලුවන් ....
.
මේ ක්‍රමයෙන් අමතක වීම් අවම කරගන්න හැකියි...අනවශ්‍ය කාල නාස්තිය වලක්වාගත හැකියි...කාලය පමණක් නොවේ මුදල් පවා අනවශ්‍ය නාස්තියක් වෙන්නෙ නෑ.....
.
හැම දේටම නියමිත වේලාව සහ කාලය ...ජීවිතය සැහැල්ලු කරාවි.....

ඔබට තියද මෙහෙම ලිස්ට් එකක්..එහෙනම් කියන්න ඒ ගැන 

මම 
විසිරි 

Saturday, November 25, 2017

78. ජීවිතය යනු ...අරුමයකි .....

මගේ පෙර පොස්ටුව හා සබැඳෙන තවත් කොටසක් මේක ...



ජීවිතය ...life..ගැන පූර්විකාව එක්ක...
කාලය හා ජීවිතය බැඳෙන ආකාරය ගැන කතා කරද්දි..
ඊලඟට අපි කතා කලේ ජීවිතයේ වැදගත් සංධිස්ථාන ගැන.. .
.
කෙනෙක්ට තමන්ගේ මුල්ම පැහැදිලි මතක එන්නෙ කොයි කාලෙ ඉඳන්ද ...කියලා මම ඇහුවා....
සාමාන්‍යයෙන් ....අවුරුදු තුනක වගේ කාලයේ සිට මතකයන් අපි ගාව රැඳෙනවා...
නමුත් ඒ මතකයන් කියන්නේ.....සාමන්‍ය ඒවා නම් නොවෙයි...
බොහෝ විට කුඩා කාලයේ අපිව කම්පනයකට ලක් කල...එහෙමත් නැත්නම් අතිශය වේදනාකාරී යමක් තමා ඒ වගේ සුලු වයසකදි හිතේ තැන්පත් වුණා නම් වෙන්නෙ....ඒකත් අර flash එකක් වගෙ එකක්.....
එහෙම නැතුව සතුටුදායක යමක්..පුද්ගලයන්...එහෙම ඒ ඉතාම ලාබාල කාලෙදි මතකයේ තැන්පත් වෙන්නෙ නෑ....
.
.මම එකිනෙකාගෙන් ඒ පැහැදිලි මතකයන් ඇහුවා....
බොහොමයක් අය මගේ පෙර අදහසට සමාන අදහසකින් උන්නා.......
.
.
ඉතින් ....මෙන්න මේ ජීවිත මතකයන් අපිට වැදගත් වෙන්න ට හේතු තියනවා.....
මොකද....අපි සෞඛ්‍ය ක්ශේත්‍රයේදී රෝගියෙක්ගෙන්.....එහෙමත් නැත්නම් රෝගියෙක්ගෙ භාරකාරයෙක්ගෙන් .....history එක....ඒ කියන්නෙ රෝගය හා එයට සම්බන්ධ ඉතිහාසය ගැන විමසන කොට....මෙන්න මේ මතකයන් වල වැදගත් කම පෙනෙනවා....
.
.
.ඉතින්....මේ වකවානු මතක ගැන ළමා කාලයෙ ඉඳන් අපි ආවා ඉදිරියට....
.
වයස ..හා ..කාලය එක්ක බැඳුණ ජීවන පියවරවල්....
.
.ශිශ්‍යත්වෙ 
ඕලෙවල්
ඒලෙවල්
මේ පුහුණුව....
.
ඔහොම ඔහොම කියනවා......ඔක්කොම ..
.
හරි ...දැන් ඒ හැරුණම ඕගොල්ලන්ගෙ ජීවිතේ වෙන විශේශ සිදුවීම මොනවද.....මම ඇහුවා.....
.
එක ප්‍රබල කටහඬක්වත් නෑ....ඔක්කොම මුමුණනවා....
.
.මට lip reading කරන්න බෑ.....කට ඇරලා උත්තරේ දෙන්න.....මම කීවා....
.
Puberty ..අමාරුවෙන් එක හඬක්....
.
ඉතින් ඇයි ළමයිනේ ඕක කෙලින් නැගිටලා කියන්න බැරි.....මම ඇහුවා....
ඔයාලා සෞඛ්‍ය ක්ශේත්‍රයේ කවදාහරි වැඩ කරන අය ....ඇයි මේ වචනය ගැන ඔච්චර බයෙන්.......
ආකල්පමය අතින් මේ දරුවන්ව හැඩගස් වන්න.....ලේසිම නෑ.......මට හිතුණා...ඒ වෙලාවෙ...........



Mile stones / boundary stones වගේම ජීවන අත්දැකීම් වයස එක්ක සම්බන්ධ කරලා කතාකරන පාඩමේ....ඊලඟ කොටස ආවෙ මෙහෙම....
..
Why we are discussing all these factors..?

මම ඇහුවා.......
ඇත්තෙන්ම ඇයි මේ දේ අපි ඉගන ගන්නෙ....
.
.
සෞඛ්‍ය වෘත්තිකයන් විදියට අපි ලඟා වෙන්නෙ මනුස්ස ජීවිත වලට....ඒ මිනිස්සුන්ගෙ ජීවිතය ඔබේ මගේ වගේම වටිනා ජීවිත....
.
රෝගයක් ආබාධයක් වැලඳෙන්නට පෙර ඔවුන් ඔබ හා මම වගේම ක්‍රියාකාරී අය....දැන් ඔබ නීරෝගිව ඉන්නවා ..ඔවුන් රෝගීව...
පෙර කල කිසිවක් කල නොහැකිව....
එතනදී ඔබ ජීවිතය ගැන පුලුල්ව නොහිතුවොත් ඔබට තව කෙනෙක්ගෙ ජිවිත අපේක්ශා වල වටිනාකම තේරෙන්නෙ නැහැ.....
.
.පාඩමේ මෙම අතරතුරට මම තව එක් ප්‍රශ්නයක් ඇහුවා.....
.
who is looking at your own face through the mirror at the beginning of the day......?

ඔබ දවස ආරම්භයේ දී කන්නාඩියකින් ඔබේ මුහුණ බලනවාද .....
.
ඔක්කොම වගේ අත ඉස්සුවා.....
.
මම ඇහුවේ.....
.
මුහුණ බලනවාද....මිසක් මුහුණ දකිනවාද කියල නෙවේ......
අත් දෙක තුනක් ආයෙම පහලට වැටුනා.....
.
මම මේ කොල්ලො කෙල්ලන්ගෙ ඒ අවංක කමට හරිම කැමතියි...අනික මෙයාලා දන්නවා බොරු කියලා මේ මාව තම්බන්නත් බෑ කියලා.....
.
හරි මෙතනින් කී දෙනාද...කන්ණාඩියෙන් මුහුණ බලල තමා එක්කම හිනා වෙන්නෙ.......

.
.තවත් අත් ටිකක් පහළට වැටුණා.......
මගෙ පාඩමේ ......
.
මෙන්න මෙතැනට මං ආවා.....
.ඇයි තමන් එක්ක දවස ආරම්භයේ හිනාවෙන්න බැරි ඔයාලට...ඔයාලට ඔයාල එක්ක හිනා වෙන්න බැරි නම්...ඔයාල කොහොමද කවදා හරි මහා ගැටලු ගොඩක් අරන් ඔයාලා ගාවට එන ලෙඩෙක්ව සතුටින් හිනාවක් දීලා පිලි ගන්නේ........

අන්න ඒ නිසා ...අද ඉඳන් හුරු වෙන්න ඒකට....
මම කිව්ව ඒ දේ ...
කොයි තරම් සාර්ථක ද අහන්න ඕන ලබන සතියෙ තමයි ....
.
ඉතින් ...මම ඔබෙන් අහනවා....
ඔබ ඔබ එක්කම හිනා වෙලා තියද.......ඇත්තෙන්ම ...හදවතින්ම....
එක පාරක් කරලා බලන්න....
.
ඒක හරිම සුන්දර දෙයක්.....

ඉතින් හිනාවෙන්න ....


විසිරි ....

Sunday, October 22, 2017

77.ජිවිතය යනු.....පාඩමකි...(life is a lesson)



ජීවිතය කියන්නෙ මොකක්ද...?

අද උදේ මගෙ පාඩම වුණෙ life span development ...
තදබල තියරි එකක් එකතු වෙන පාඩමක් කරන්න කලින් මම ඊට කලින් දවසෙ ඉඳලම ඒක ප්ලෑන් කරනවා...
ළමයින්ට ඒක ආකර්ශණයක් නොවුනොතින්...කිසිම න්‍යායාත්මක කරුණක් ඔවුන්ගෙ ඔලුවට යන්නෙ නෑ.....

අද මගෙ පැය දෙකේ පාඩමට පවර් පොයින්ට් භාවිත කලේම නෑ...interactive session එකක් විදියට ඒක කරන්න මට හිතුණා...ඇත්තෙන්ම ඒ පැය දෙක හරිම උද්‍යෝගමත් කාලයක් වුණා...

ඉතින් පාඩමට පෙර මං ඇහුවෙ...what is life ?...කියලා.....30කට වඩා සිසු කණ්ඩායමක් තිස් විදියක උත්තර දුන්නා මට.....
ඒ හැම එකම හරි.....
මොකද ...
ජීවිතය ......ඔබ ..මම..ඇය...ඔහු...අපි දකින්නේ වෙනස්ම ආකාර වලින්.......
ඒක අපේ අනන්‍ය ආකාරයන්.....
ඔබ ජීවිතය කියන්නෙ කුමකටද........

සමහරු ජීවිතය විග්‍රහ කලේ උපත හා මරණය අතර කාලය ලෙස ..
සමහරු ඒකට අඩුමකුඩුම එක්කලා
වගකීම් ...යුතුකම්...බලාපොරොත්තු ...අභියෝග....සම්බන්ධතා...වාගෙ ඒවයින්......
තව අය කිව්වා සතුටින් ඉන්න එකටයි ජීවිතේ කියන්නෙ කියල.......
....ඒ හැමඑකම හරි
.
.
මොකද ...ජීවිතය life කියන්නෙ අපි කාටත් අයිති එකක් වුනාට......ඒක අපි දකින ආකාරය වෙනස් වෙනව........ඒ නිසයි අපි එකිනෙකාට වෙනස් වෙන්නෙ.....

වෛද්‍ය විද්‍යානුකූලව ගත්තොත් ජීවිතය කියන්නේ උපතේ සිට මරණය තෙක් විවිධ අවස්ථා වල පෙල ගැස්මක්...
අපේ ජීවිතය පටන් ගන්නේ හිස් කඩදාසියක් වගේ....එයට අකුරු රටා එක් වෙන්න ගන්නේ ...කාලය එක්ක.....
.
.ඉතින් මගෙ දෙවනි ප්‍රශ්නය....ඔවුන්ට...

Human beings are bound by time.....

මෙන්න මේ වාක්‍යය මම ඔවුන්ට ඉදිරිපත් කලා....සාමාන්‍යයෙන් මගෙ සිසුන්ට මම සාකච්ඡා විනාඩි පහක් මෙවැනි වෙලාවක දෙනවා...එම සාකච්ඡාව තම යාබද සගයා සමග පමණක් .....ඔවුන් දෙදෙනාගෙම අදහස් එකතුව ඉන් පසු විමසනවා......

ඉහත වාක්‍යය විග්‍රහ කරන්න.....
.
.ඇත්තෙන්ම අපූරුයි....
අපි කාලය එක්ක බැඳුණ ජීවී කොට්ටාසයක්...එහෙම නේද.....
මේක විද්‍යාත්මකව එකිනෙකා දකින ආකාරය වෙනස්....
.නමුත් ..
.
.
හැම විටම ගුරුවරයෙක් තම සිසුන්ගෙන් ඉගන ගන්නවා.....
.
.කාලය අපිව කොහොමද අල්ලා ගෙන ඉන්නේ කියන දේ ඔවුන් මෙන්න මෙහෙම කිව්වා..මේ ඔවුන්ගෙත් මගෙත් අදහස් එකතුව....
.
.ඉපදුණ දා සිට මැරෙන තුරු අපි කාලයට අනුව කරන දේවල් ඒ ඒ කාල පරාසවලදී සිදුවෙන නියතයන් ලෙස සම්මත වෙනවා....
අපි උපන්දා පටන් ...මැරෙන තුරු කාලය බෙදා ගත්තාම ඒකෙ මුලම 1/3 තුළ මේ වෙන කායික මානසික වෙනස්කම් හුඟක් පෙනෙනවා...ඒ ඒ සිදුවීම් ඒ ඒ වයසට නොවුනාම අපි එතන ගැටලුවක් ඇතැයි ප්‍රකාශ කරනව...
.
.මෙය..හැම ජීවියාටම පොදු දෙයක්......මගෙ සිසුන් ගෙ වයස් පරාසය අවුරුදු 21 - 25 අතරෙ...ඒ අයගෙ වර්ධන රටාවල් කාලය එක්ක විමසන එක හරිම අපූරු අත්දැකීමක් වුණා......
.
.
අපි ජීවින් ලෙස කාලයෙන් බැඳිලා ඉන්නවා නියතයන් වලට....අන්න ඒකයි පැවැත්ම.....

දැන් ඔය කාලය එක්ක ජීවිතේ බැඳෙන කතාව..කතා කලාට පස්සෙ...අපි ඒ ඒ කාලවල අපේ life events ගැන කතා කරන්න ගත්තා....

..ජීවිතයේ මුල්ම අවුරුදු තිහ ගත්තම ...ඒ කාලය තමයි කාලය එක්ක අපේ ජීවිතයේ පැහැදිළි වෙනස්කම් වෙන කාලය....
.
.ඉනුත් මුල්ම අවුරුදු කීපය බැලුවොත්...වෙන වෙනස්කම් හරිම දර්ශීයයි.....
.දරුවෙක් උපත ලබපු දවසේ ඉඳන්....මුල්ම අවුරුදු කීපය තුළ විශාල පරිවර්තනයකට කායිකව සහ මානසිකව ලක්වෙනවා..
..
.
මෙන්න මේ කාල වකවානු නිශ්චිතයි..අපි ඒවාට boundary stones කියනවා..සමහර අය mile stone කියලත් කියනවා...ඒ ඒ කාල පරාස වල ඒ වර්ධනය නොවුන හොත් ඒක ගැටලුවක්.....පස්සේ කාලෙක වෙයි කියලා බලන් ඉන්න බෑ .....ඒක ඒ කාලෙට වෙන්නම ඕන. ...
.
කායික වෙනස්කම් දර්ශීය වුණත් කෙනෙක් මානසික වර්ධනයේ දුරවලතා හඳුන ගන්නෙ ප්‍රමාද වෙලා.....ඉතින් ඒ නිසා විමසිලිමත් වෙන්නම ඕන.....

.මම මේ පාඩම තුළ නිරීක්ෂණය කල එක දෙයක් තියනවා ..අද අපේ දරු පරම්පරාව බාහිරලෝකය සහ පුද්ගලයන් නිරීක්ෂණය කරන මට්ටම ඉතාම අඩුයි...
.දරුවෙක්ගෙ වර්ධන පියවර දකින්න නම් ඇත්තෙන්ම දරුවෙක් නිරීක්ෂණය කර තිබෙන්න ඕන...ඒකට තමන්ට දරුවෙක් සිටීම අත්‍යාවශ්‍ය නෑ.....කාගේ හෝ නෑයෙක්ගෙ මිතුරෙක්ගෙ වෙන්න පුලුවන් ...
.
.නමුත් ප්‍රායෝගික ව නිරීක්ෂණය බොහොම අඩුයි .මොකද දැන් දැන් බබෙක් බලන්න ගියත් එතනත් සෙල්ෆියක් ගන්න එක හැර ......නිරීක්ෂණයක් වෙන්නෙ නෑ නෙ......
.
.
අපේ අවට ලෝකය මොන තරම් අපූරුද කියන්න ....මම ඔවුන් ඒ නිරීක්ෂනයන් වෙත රැගෙන ගියා මනසින් ......

මේ සටහන මම මුහුණු පොතට ලියන එකක්...කොටස් තුනක් එකට දැම්මේ මේකට..එහෙනම්.....ආයේ කොටස් ටිකක් එක්ක හමුවෙන්නම්....

සුබ සතියක් වේවා....



මම 

විසිරි 

Thursday, October 19, 2017

76. ජිවිතේ සුන්දරද මෙතරම්





ජීවිතේ සුන්දර ද මෙතරම්......
ජීවිතේ කියන්නේ ත්‍යාගයක්....
ඒක ඔබ ඉල්ලාගෙන ආව දෙයක් නොවෙයි..
ඔබට ලැබුණ දෙයක්...
කාගෙන් ද කොහොමද මොකටද නෙවෙයි...
හිතන්න ඒ කිසිත් නොදැන ඔබට තෑග්ගක් ලැබුනම ඔබට හිතෙන්නෙ මොනවද ....
ජීවිතේ ගැනත් එහෙම හිතන්න...
.
.මම වෙලාවකට හෙම්බත් වෙනව...
තියන වැඩ හරියට කලමනාකරනය කරගන්න බැරිඋනාම..
රොබින් ශර්මාගෙ පොතක පේලි ටිකක් කියවල හරි මම ආයෙ ට්‍රැක් එකට එන්න බලනව....
එහෙම නැත්තං චිකන් සුප් ෆෝ ද ලයිෆ් සීරිස් එකේ කතාවක් දෙකක්....
ඒවා සමහර වෙලාවට රෙඩ්බුල් එකක් බිව්වම වගෙ ක්ශ්ණික ව අර හෙම්බත් බවින් ජීවිතේ මුදවනව......
.
.
ජීවිතේ විඩාවෙන් බර වෙලාවට..
මං ඔබට කියනව . .
කියවන්න අන්න එහෙම පොතක්...
නැත්නම් අහන්න සිංදුවක්....
ඒක වික්ටර් ගෙ මිසක් ඉරාජ්ගෙ එකක් නොවෙන්න ඔබ වග බලාගන්න...
ඒ වගේම ..
එහෙම හෙම්බත් වෙලාවට එෆ්බී එන්න එපා...
ඒක ....ගැටලු විසඳාගන්න..හෙම්බත් බවින් මුදවගන්න තැනක් නෙවේ...
.
.ඔබ...ඔබම වන්න....
මම
විසිරි.....

Friday, October 6, 2017

75. සඳුදා ව ....



උදෑසන ඇහැරෙමි
කුදු මහත් කටයුතු නිමවමි
දුම් රියට දිව එමි..
සටනෙන් අසුනකට පැනගමි....

මුහුණු පොත විමසමි
කවි එකිනෙකින් කියවමි
සිනහවක් විසුරමි
සෙනෙහසින් අදහස්ද පවසමි.....

හිස ඔසවා බලමි
වියැලි මුහුණුම විමසමි
හිනාවක් නොදිටිමි
වෙහෙසින් ඉවත හැරුණමි.....

යායට පිපී එන..
නම නොදත් කහ මල් යායක
දම් දියබෙරලියාවක
වල්මත් වූ බත් කූරෙකි ....
ගං දෑල අසබඩ
දියට නැමි එක පඳුරෙක
ලා කොළ කදුරු ගෙඩියක
වසා උන් සමනලෙකි වල්වැද.....

හිනාවක් දවටමි
ජීවිතය සොඳුරු යැයි පවසමි .......

(සතුට ඇත්තේ අතලඟය....ඔබ එය විමසන තුරු නොදකී )

~~~ විසිරි ~~~