Wednesday, February 21, 2018

85. Be Cool

ඔබට තරහා යනවාද..?

ඕක අහන්නත් දෙයක් ද ...?...ඔබ කියාවි...
උදේට දහසකුත් එකක් රාජකාරි ඉවර කරල බස් එකට දුවන ඔබ.....ඒ බස් එක පමා වුණත් කේන්ති ගන්නවා...

ඔබේ වාහනය රිය තදබදයක හිරවුණාමත් ඔබට ඇතිවෙන්නෙ තරහක්...

සුපිරි වෙලඳ සලක...බඩු තෝරගන්න ගියාම..බැංකුවේ පෝලිමේ ඉන්නකොට....
තරහ එන්න හේතු ගොඩයි....
.
.තරහ යෑම සාමාන්‍ය දෙයක්....නමුත් හරි කෙනා එක්ක ...හරි වෙලාවට....හරි ප්‍රමානයෙන්...හරියාකාර හේතුවකට...ඒ වගේම හරි විදියකට...තරහ ගැනීම පහසු දෙයක් නොවෙයි.......මේක කියන්නෙ ඇරිස්ටෝටල්.....

ඒ කියන්නෙ අපි තරහ ගන්න හේතු බැලුවාම ...ඔය කියන කාරණා වලට අදාලවම නම් නෙවේ අපි තරහ ගන්නෙ...
.
නරකම දේ මෙන්න මේකයි...
අපි නිතර නිතර තරහා ගන්න කොට....ඒක අපිට පුරුද්දක් වෙනවා .....ඕනම දෙයක් නිතර වෙනකොට ඒක තමා ගේ පරිසර සාධකයක් වෙන්න ගන්නවා...ඉතින් තරහ ගැනීම ඔබේ සාමාන්‍ය තත්වය වෙද්දි......ඔබේ මිත්‍ර සම්බන්ධතා බිඳ වැටෙන්න පුලුවන් ...

ඔබේ ආයතනික සම්බන්ධතා කඩා වැටෙන්න...සමාජයේ ඔබ නොරුස්සන පුද්ගලයෙක් වන්න පුලුවන් ..
ඔබව දකින කෙනා....ආ එයා නට් ලූස් පොරක්...කුකුල් කේන්ති කාරයෙක් වගේ ලේබලයන් වලට ඉබේම හසුවෙන්න පුලුවන් ...

ඉතින් මේ තත්වයට ඔබ පත්විය යුතුද.....?

ඒ වගේම ඔබ දන්නා සාර්ථක පුද්ගලයන් ගැන බලන්න...ඔවුන් තමන්ගේ ආතතීන් පාලනය කරගන්නා අපූරුව බලන්න...ඔබ තරහ පාලනය කරගන්නෙක් වෙන කොට...ඔබ තරහ වගේ හේතූන් නිසා ඔබෙන් ගිලිහෙන කාලය ඉතුරු කරගන්නවා.....

වැදගත්ම දේ .....
ඔබේ වචන පාලනය කර ගැනීම.....

Words are like arrows.once released, they are impossible to retrieve .So choose yours with care.

මේ වැකිය අපි දන්නා දෙයක්..

තරහා පිටවෙන යමක් කියවෙන්නට පෙර 1 ඉඳලා 100ට ගනින්න කියන එක අපි අහලා තියන හොඳම වලක්වාගැනීමේ පියවරක්...නමුත් හොඳවයින් දෙකක් කියවෙන්න එනවෙලාවට ඉලක්කම් පවා අමතක වෙන එකනෙ නරක ...නේද....
.
මම කියවපු පොතක අපූරු සටහනක් තිබුණා...හිමාලයේ උන් පුරාණ ඉසිවරයන් කොට්ටාසයක් තමන් යමක් පවසන්න කලින් පිලිපැදපු එක් නීතියක් තියෙනවාලු ..ඒක තමා ත්‍රිත්ව දොරටු නීතිය....

මුල්ම දොරටුවේදී අපි සිතන්න ඕන අපි කියන්න යන දේ සත්‍යයක්මද කියලා..ඒකඔව් නම් දෙවනි දොරටුව වෙත යන්නට පුලුවන් .

.එතන්දී අපි යළි සිතන්න ඕනෑ මේ කියන්න යන දේ කීමට අවශ්‍යමද කියන එක...ඒකටත් එන්නෙ ඔව් කියන උත්තරය නම් ඔබ යනවා තෙවනි දොරටුවට..

.එතනදී ඔබ ඔබෙන් අහනවා..ඔබේ ඒ කියන්නට යන දේ කාරුණිකද කියන එක...ඒකත් ඔව් නම් ඔබට ඔබේ සිතුවිලි වදන් වලට හරවා පිටකල හැකියි.....
.
.මේ ගැන ආයෙම හිතන්න.......මේක මහ කාලයක් ගන්නා දෙයක් නම් නෙවෙයි...ක්ෂණිකව ඔබට කල හැක්කක්....එමෙන්ම ඔබේ තරහ පාලනය කරන්නට සුදුසුම පියවරක්.......

ඉතින් ...හුඟාක්ම තරහ යන්න ඉන්න මොහොතක....ඔබට හැකි නම් ......ඉවසන්න.....ඔබ ඉතුරු කරගන්නේ ඔබේම සැහැල්ලුව ....

එහෙනම් Be Cool....

මම 
විසිරි 

Friday, February 16, 2018

84. ජීවිතය ත්‍යාගයක්



ජීවිතය කියන්නේ තෑග්ගක්...ඒක අපිට උපදින කොටම ලෝකය..ස්වභාව ධර්මය දීලා එවන්නේ...
මම සඳුදා උදේ මගේ ජංගමයේ තියන ඩයරියේ ලිව්වා......I will work hard to keep this week more effective....කියලා...
ඒක මම ලිව්වෙ ස්ටේශන් එකට ආව ගමන්...
නමුත් අද කෝච්චිය පරක්කුයි..බලද්දි ඒ එන අතරමග කෙනෙක් බෙල්ල තියලා....
ඒ තමයි ඒ කෙනා තමන්ගෙ ජීවිතය කියන ත්‍යාගය ප්‍රතික්ශේප කල අන්දම...
සිය දිවි නසා ගැනීමක් කල කෙනාට ලෝකයම ඇඟිල්ල දිගු කරන්නේ මෝඩයෙක්..අනුවණකමක් කල කෙනෙක්...ආත්ම ශක්තිය නැත්තෙක්...ලෙසට..
නමුත් .....අපි ඕනම කෙනෙක්ට එවැනි අවස්තා එනවා..දරාගන්න උච්ඡම සීමාව පැන්නම වෙන්නෙ තමන් ගෙ ජීවිතය ත්‍යාගයක් ලෙස නොව හිරිහැරයක් ලෙස පෙනීම....
මිනිස්සු ඒ මිය ගිය කෙනා ගැන විවිධ කතා...රස කරමින්..නමුත් ..හෙට නෑ අද හවස වෙද්දි කාටත් ඕක මතක නෑ....
ඔබ ජීවත් විය යුත්තේත් මිය යායුත්තේත්...මිනිසුන්ගේ සිත් සතන්වලට සතුටක් දෙන මතකයක් ලෙස...ඇත්තෙන්ම ඔබ එසේ කරන්නේ නැත්නම් ඔබ ජීවත් වුණත් ඒක ත්‍යාගී ජීවිතයක් වෙන්නෙ නැහැ..
ඔබ ජීවිතය ත්‍යාගයක් ලෙස බාරගන්න...එය ලැබුණෙ ඔබට...කිසිම අයෙක්ට එය උදුරාගන්න ඉඩ දෙන්න එපා...
හැම දවසක්ම .....ඔබේ ඒ ත්‍යාගී ජීවිතයෙන් යමක් ලෝකයට දෙන්න.....
.බලන්න
ලෝකය හරිම ලස්සනට ඔබ එනකල් බලන් ඉන්නවා ......
..
මම
විසිරි

Saturday, January 27, 2018

115. ජිවත් වන්න මේ ලෙසට

මම පොතක කියවපු සටහනක් තියෙනවා මෙහෙම ...

ඔබ උපදින වෙලාවේ මුළු ලෝකයම උද්දාමයට පත්වෙද්දී ඔබ හඬන්නට ඇති....ඔබ ඒ නිසා ජිවත් විය යුත්තේ...කවදා හෝ ඔබ සෙසු අය හඬා වැටෙද්දී ඔබ සතුටින් මිය යන ආකාරයටය....

ඇත්තෙන්ම හිතන්න මේ සටහනේ සත්‍යය....

අපි ජිවත් වෙන්නේ ජීවිතය කියන්නේ කුමක්ද කියලා අපිටම අමතක වෙන යුගයක.....
.
හිතන්න ...ඔබ සමහරක් වෙලාවට වචන වලින් කෙනෙක්ව හඳටත් එහා තැනක තියාවි....ඒත්..ඔබ පාරෙන් එහා පැත්තේ ගෙදර ඉන්න ඔබේම අසල්වැසියා ගැන කිසිවක් දන්නේ නැහැ

....අපිට ගණිත සංකල්ප භාවිත කරලා මුදූ ගානකින් එහාට මිසයිලයක් ටක්කෙටම යවන්න පුළුවන්...ඒත්,,,අපිට අපේ ආදරනියයන් එක්ක මොහොතක් ගෙවන්න ෂෝට් ලීව් එකක් දාගන්න වෙලාවක් නැහැ.....

අපිට ජංගම දුරකථන, විද්‍යුත් මේල, ෆැක්ස්..ඔය වගේ ඇති නවීන ඕන තරම් දේවල් තියන නිසා අපි ලෝකය එක්ක හරිම සමීපයි.....කියලා හිතුවත්....මේ කාලය තමයි මිනිසුන් එකිනෙකා අතරින් සැබෑවටම ඈත් වෙලා ඉන්න යුගය...අපි අපේ මානව බැඳීම් වලින් ඈත් වෙන්න අරන්...අපි අපේ අරමුණු ග්‍රහණය කරගන්න විදි වෙනස් වෙන්න අරන්....අපි කෙටියෙන් කිව්වොත් ලෝකය දකින විදිය එහෙම පිටින්ම වෙන ස් වෙන්න අරන්.....

මේ ගැටලුවට සරලවම උත්තර දෙන්න...

ඔබ කවදා හරි මැරුනොත් ඔබ වෙනුවෙන් කවුද අඬන්න ඉන්නේ...?
මේ ජිවත් වෙන කාලේදී ඔබ ස්පර්ශ කල මිනිස් සිත් සතන් ගණන ඔබට හිතන්න පුලුවන්ද......
ඔබ හිතන්න....

බර්නාඩ් ෂෝ මරණ මංචකයේ ඉද්දි කෙනෙක් ඇහුවලු ඔහුගෙන්..ඔබට යලුත් ජිවත් වෙන්න ලැබුනොත් ඔබ වෙන්නේ කවුරුද කියල...

ඔහු දුන්න උත්තරේ තමයි.....මම මේ තරම් කල් වෙන්න බැරි උන..ඒත් මට වෙන්න ඕනෑම වුන කෙනා බවට පත් වෙනවා...කියන එක.....

ඉතින් නැවත සිතන්න.....
ඔබ ජිවත් විය යුත්තේ කෙසේද....
ඔබ තුල ඇති සත්‍යය වටහා ගන්න....
ජීවිතය යන ගමන සුන්දර ගමනක් කරගන්න

ජීවිතය කියන්නේ ඉඩක් හසරක් නැතුව වැඩ කරන එකට නම් නොවේ...අපි හැමෝම එකම අරමුණකින් ලෝකයට ඇවිල්ලා ඉන් පසු විවිධ මාවත් වල යන අය ...
ඔබේ මාවත ඔබ සකසා ගන්න...

ඔබ සෙස්සන් ඔබ වෙනුවෙන් ලෝකය නිර්මාණය කරදෙන තුරු සිටින්නෙක්ද.....
එසේ නම් මෙන්න මේ වදන එක්ක ඒ ක්‍රමය වෙනස් කරන්න...

ඔබගේ ලෝකය තුළ ඔබ දකින්නට පතන වෙනස ඔබම වන්න
මහත්මා ගාන්ධි තුමා 
Be the change that you wish to see most in your world
Mahatma gandhi

ස්තුතියි

මම 
විසිරි

83...ප්‍රේමය සුන්දරයි







සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත බැඳුණ දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම් ..
.
සමහරක් සිංදු ජීවිතේ ඊ සැරයක් වගේ වේගයෙන් මතක අවුලනවා..ප්‍රේමය කියන්නේ අපූරුම වස්තු විශයයක්....ඒක එක එක්කෙනා තමන්ට අයිති ආකාරයට වෙන වෙනම බාර ගන්නවා....
.
ඊයේ Charithaගෙ පෝස්ට් එකත්...මට මේක ලියන්න මතක රැසක් ගෙනාවා....
සමහරක් අය ලියද්දි....
ප්‍රේමයයි වෛරය යි අතරේ වෙනස කෙස් ගසකට සමයි ...කියල....
එහෙම නොවන අපූරු මානවීය බැඳීම් මිනිස්සුන්ගෙ ගාව ඉතුරු වෙනවා.......
.
ඉස්සරම බාලිකාවක් වෙලා උසස් පෙල කරන කාලෙ ......ජීවිතේ ට එක්කාසු වුණ ...මගදි කිසිත් හිතේ කහටක් නැතුව අත හැරී ගිය ...නමක් දෙන්නට අපහසු සුන්දර බැඳීමක් මටත් තිබුණා ...ඒකට මම ආදරය හෝ ප්‍රේමය කියන්නේ නෑ....සමහරක් වෙලාවට එතන යාලුකම ..සහෝදරකම...වගේම සෙනෙහසකුත් තිබුණා.......
.
මං තාම ඒ බාලිකා මතකයට ආස....
පුදුමාකාර සුන්දරත්වයක් ජීවිතේට එක් කල ඒ බැඳීම ....අත හැරුණත් ....කිසිම දාක ඔහු මට වෛර නොකල නිසා......සමහරක් විට ජීවිතේ තෝරා ගැනීම් වලදී......සමහර දේ අතහැරෙනව.......
..
කාලයක් ගතවෙලා ......අපි දෙමවුපියනුත් වෙලා.....වෙන වෙනම කුටුම්භ වල ජීවිත ගෙනියනවා.......අවුරුදු විසි ගානකට පස්සෙත්....ඉස්සර මතකයන්...මතක් කරලා හිනාවෙන්න .....ඔහුට වගේම මටත් හැකි........බැඳීම වගේම හිතේ කහටත් " අතහැරපු" නිසා........
.
අද කාලේ ඇතිවෙනවට වඩා කලින් බිඳෙන ප්‍රේම වෘත්තාන්ත දුටුවම .......පොඩ්ඩ එහාමෙහා වෙනවිට ...ආදරය අමතක වෙලා වෛරය පැසවන හැටි දකින කොට........
.
.
මට ඒ බැඳීම් ගැන දැනෙන්නෙ ඉස්සරම දවසක.....බාලිකා ඇසක් බිමට හැරුණාම ....අපූරු සෙනෙහස් බැල්මකින් ....බලපු යොවුන් ඇස් දෙකක මිහිර.....
.
එපමණයි........

මම

විසිරි

Tuesday, December 26, 2017

82. ජීවිතය ...සරලයි



ජීවිතය .....පාඩම් මාලාව අතරමැද්දෙ ටිකක් කාර්‍යබහුල වුනා මම....
රාජකාරිමය වැඩ එක්කම....
ඉතින්...
පසු ගිය දවසක මම සහභාගී වන වැඩ සටහනක් ගැන මං මේ කියන්නෙ....
.
ඒක public speaking skills වැඩිදියුණු කරන්නට සැකසූ පුහුණු පාඨමාලාවක්...
.
එහි එක් අංගයක් තමයි...
.
තමන් ගැන නිර්මාණාත්මකව සභාවට විනාඩි තුනක කතාවක් කිරීම.....

.
ආයෙ මොනවද තමන් ගැන ...නේද....
මේකෙ වැඩ දෙකයි
එකක් ..
මේක ඉංග්‍රිසියෙන් කෙරෙන්නෙ
අනික නිර්මාණාත්මකව කෙරෙන්නෙ
.
මං මං ගැන කිව්ව හැම දේම නෙවේ...
ඉන් එක දෙයක්..
ඔබට කියන්නම්....
.
ඔබ දන්නවා නේද ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනිය..ඒ වගේම ළමා කතාකාරිණිය සිබිල් වෙත්තසිංහ මහත්මිය . ..
ඇය බොහෝ ස්වයං විග්‍රහයකදි කියන එක දෙයක් තමයි....
හැම වැඩුණු කෙනෙක් තුළම වයසට නොගිය කුඩා ළමයෙක් ඉන්න බව.....
..
.දැන් මෙතන සිට සැතපුම් සිය ගාණකට ඈත ගමක වෙල් දෙනි වල තණකොල පෙත්තන් පසුපස ඇවිද දුවන....කුඹුරු යායවල් අතරේ ඇති ඇලමං වල නිල් මානෙල් කඩන...දිය වක්කඩවල දංඩි පැටව් එක්ක අටෝරාසියක් කතා කියන කෙට්ටු ගැහැණු දැරියක්...අවුරුදු හතළිස් ගාණක් වන මගෙ ඇතුළෙත් ඉන්නවා....
.
සත්තකින්ම ...ජීවිතේ පීඩන මතුවෙද්දි....කඩා වැටෙන්න නොදී....කාර්‍ය බහුල රස්සාවක වගකීම් අස්සෙ අතරමං වෙන්න නොදී...මාව රැකගන්නෙ අන්න ඒ දැරිවි....
.මොකක් හෝ විකාරරූපී කටයුත්තක් කරන්නට..ඒක විඳින්නට සහ අන්තිමේ ඒ වින්දනය අකුරු කරන්නට .....
ඒ දැරිවි අදටත් මාව පොලඹවනව......
.
අපි බොහෝ දෙනෙක් වැඩිහිටියන් වෙන කොට ඒ ළමා චරිතය අතහැරලා එන්න බලනව....
එපා...
ඒක වෙන්න දෙන්නම එපා...
ඔබට ලෝකයම නැතිව ගියත්...
තමන්ගේ ළමාකාලය...ඒ සරල බව...සුන්දරත්වය ..සහ මෙලෝ සංසාරයක් ගණන් නොගෙන ඉඳීම වගේ අපූරුම ගුණාංග එතනින් ඉතුරු වෙනව.....
.
..
.
.කොහොමින් කොහොම හරි අර තණකොල පෙත්තන් පස්සෙ දුවන ගෑනු ළමයා සභාවක් ඉස්සරහ සාරිකාරියෙක් ඇතුළට වෙලා....සභාවම අල්ලාගෙන විනාඩි තුනක කතාව සස් ගාලා ඉවර කලාලු......

ස්තුතියි එහෙනම්
මම 

විසිරි 

Friday, December 22, 2017

81. නිදහස .....






ඔබ ජීවිතයේ ලබන්න කැමතිම දේ කුමක්ද කියලා යමෙක් ඇහුවොත්...
.
ඔබ වැඩි දෙනෙක් කියාවි...ඒ තමා නිදහස කියල....
ඇත්තෙන්ම ...ඇයි මිනිස්සු නිදහසට එච්චර කැමති....
.
මම මේ දිනවල මගෙ පුතා එක්ක වාර විභාගයට පාඩම් වැඩ කරනවා.....අපේ ඉතිහාසය ගත්තාමත් මිනිස්සු නිදහසක් ලබන්න...මොන තරම් කැප වෙලා තියද කියලා ආයෙ ආයෙම හිතෙනවා....
.
.ජාතියක් විදියට 
ආගමක් විදියට
රටක් විදියට.

ඒ ලබන නිදහස කියන්නෙ බහුතරයකට අවශ්‍ය දේ...අනුන්ට යටත් නොවී ඉඳීම...අනුන්ගෙන් යැපෙන මානසිකත්වයේ නොසිටීම....වගෙ දේවල් ....ඒ නිදහසේ ලකුණු..
.
නමුත් ...අපි ආධ්‍යාත්මික අතින් ගත්තාම....මානසික අතින් ගත්තාම ...අපි ඇත්තෙන්ම නිදහස් ද ......

මම සහභාගි වන එක් වැඩමුලුවක අපි කතා කල මාතෘකා අතරින් එකක් මේක....
සහභාගි වන අය එක එක අදහස් දුන්නා....
.
ඇත්තෙන්ම ඒ හැම අදහසකම එකතුව ...අපි ඉතාම නිදහසට කැමති බව...
නමුත් එතන උන්න අය කිසිවෙක්..නිදහස කියන්නෙ සීමා බැමි සංස්කෘතිය කඩාගෙන යැම කියන එක සනාථ කලේ නෑ.....
.
ඇත්තෙන්ම නිදහස කියන දේ අපි එකිනෙකා දකින අන්දමට අනුව වෙනස් ...
අම්මා කෙනෙක් ...නිදහස කියන දේ හුඟාක් වෙලාවට දරුවන් සහ කුටුම්භය වෙනුවෙන් කැප කරනවා....ඒත් එතන මට නිදහසක් නෑ කියලා කන්කෙඳිරි ගෑමක් නම් නෑ......
.
සීමා කඩාගෙන යැමට කලින් සීමාවල් ගැන ගෞරවනීය අන්දමට හිතන්න කෙනෙක්ට පුලුවන් නම් ....අන්න එතනදි....සැබෑම නිදහසක් අපිට හමුවෙන බව මට හිතෙනවා....
.
මම ආයෙ ටික දිනකින් එනතුරු....
ඔයාලගෙ අදහස් මට මෙතන ලියා තබන්න..
සංවාදයට විවෘත අදහසක්....


මම 
විසිරි 

Thursday, November 30, 2017

79. ජීවිතය...සුන්දරයි....

මේ සටහනත් ජීවිතය ගැනමයි.....





අර ජීවිතය.... life..පාඩම් ටිකේ ඊලඟ අදියරට එන්න....තව ටිකක් දවස් යනවා...
ඒ අතරේ ජීවිතය හා සම්බන්ධ වුණ අතුරු කතාවක් මේක....
.
මේකත් මෙතනටම හරි ගියේ....ඒ පාඩමටම සම්බන්ධ වූ දෙයක් නිසා....
.
එදා...පාඩම ට අදාල දවසේ මම උදේ සේවයට එනවිට ...මට එනවා දුරකථන ඇමතුමක්..
.
ඒ මගෙ සිසුවියකගෙන්....
ඇය...ඇසුවේ ඇයට අද පාඩමට අදාල සටහන් ටික ගෙන එන්න අමතක වූ නිසා..නැවත බෝඩිමට ගොස් එය රැගෙන ඉක්මනින් එන්නද...කියායි...
.
මම ඇයට ....එයට අනුමැතිය හා අවසරය දුන්නේ නෑ.....අද පාඩම අලුත් දෙයක් හෙයින්...එයට සහභාගී වන ලෙස මම පැවසුවා....

Life span development දේශනයේ එක් තැනකදී..ජීවිතය ට සම්බන්ධ යුතුකම් සහ වගකීම් ගැන ඔවුන් කතා කරද්දී.....මට මේ කාරණය ගැන ඔවුන් හා කතාබහ කරන්නට අවස්ථාවක් ආවා...

How many of you plan your next day...?

මගෙ විමසුම ඒකයි....
අපි ඇත්තෙන්ම හිතනවා අපි සැලසුම් ඇතුව වැඩ කරන බව....නමුත් එය ක්‍රමානුකූලව කරනවද....
සිසුන් අතරින් විවිධ අදහස් ආවා...
කාලය කලමනාකරනය කරගන්නට.....to do list එකක වැදගත් කම ගැන අපි කතාකලා...
..
හැම දවසකම අවසානයේ හෙට වෙනුවෙන් සූදානම් වීම ඉතාම වැදගත්....අත්‍යාවශ්‍ය කරුණු කාරණා ගොනු කල කුඩා ලයිස්තුවක්...එහි කාරණා සම්පූර්ණ කල ගමන් ලකුනු කිරීමෙන් අපි දැනගන්නවා අපි එදා දිනය තුළ සම්පූර්ණ කල දේවල්...

ඔව්...අතහැරෙන මගහැරෙන...කරගන්නට බැරිවෙන දේවලුත් එතන තියේවි....ඒක ඉන් ඉස්සරහට ආයෙම ගෙනියන්න පුලුවන් ....
.
මේ ක්‍රමයෙන් අමතක වීම් අවම කරගන්න හැකියි...අනවශ්‍ය කාල නාස්තිය වලක්වාගත හැකියි...කාලය පමණක් නොවේ මුදල් පවා අනවශ්‍ය නාස්තියක් වෙන්නෙ නෑ.....
.
හැම දේටම නියමිත වේලාව සහ කාලය ...ජීවිතය සැහැල්ලු කරාවි.....

ඔබට තියද මෙහෙම ලිස්ට් එකක්..එහෙනම් කියන්න ඒ ගැන 

මම 
විසිරි