Wednesday, November 10, 2021

2021(30) කවි මතක






සියුම් තැතකින් පාරා
ජීවිතේ දුක්ම මතකයන් පිටට ගමි
තව තවත් ගැඹුරටම හද පලා
සැඟව ගත් සෝ සුසුම් ඇද බලමි...

ඒ මතක අකුරු කර සිනාවෙන්
සෙනෙහසක දවටමින් හැඩ බලමි
ඉනික්බිති ලේ ගලන ඒ අකුරු
ඔප දමා ලෝකයට විසි කරමි.....
.
එවන් අකුරට බැඳෙන දහස් දන
"ඒ මමද....මා නොවෙද..." කියනු දැක....
රිදුම් දුන් මතක අමතක කරමි
සිතක් සෙනෙහසින් යළි පුරවමින්
නෙතු පියා සිත මගේ වසාළමි......

කිත්මා වාසනා දහනායක 
විසිරි ❤️

15 comments:

  1. අනේ ඇයි දෙයියනේ මේ කිවිඳියන් විප්‍රයෝගය පිළිබඳවම ලියන්නේ!? ඒ කොහොම උනත් "දුකම කොයි තං සතුටක් දෝ!?" කියලා සේනානායක වේරලියද්ද කියන නිසා ඉවසනවා. ඇත්තෙන්ම හොඳයි!

    ReplyDelete
    Replies
    1. දුකම කොයිතරම් සතුටක්දෝ.....ආන්න ඒක තමා. ස්තුතියි හොඳේ

      Delete
  2. කමෙන්ට් වලට රිප්ලයි නොදැමීම දඬුවම් ලැබිය හැකි වරදකි!

    ReplyDelete
    Replies
    1. කොම්පිතරෙන්ම එන්න වෙනවනේ බ්ලොග්ගත වෙන්න .ඒකයි පමාව

      Delete
  3. ලස්සනයි. අහිමිවීමත් හරි සුන්දරව විඳ ගන්නවනම්..

    ReplyDelete