Thursday, November 4, 2021

2021 (28 ) නැහැ සහ බැහැ කියන්න හුරුවෙන්න






අපි පොඩිකාලෙ ඉඳන් අහල තියන කතාව මාතෘකාවට හාත්පසින්ම වෙනස් එකක් නිසා ඔබ සමහරක් විට මේ දිහා විමසිල්ලෙන් බලාවි..

ඔව් අපිට අපේ දෙමවුපියන් වැඩිහිටි අය,ගුරුවරුන් ඔය හැමකෙනාම කියාදුන්නෙ

"නෑ බෑ කියන්න එපා.ඒක හොඳ පුරුද්දක් නෙවෙයි" කියන එක.

නමුත් ඔබ ජීවිතේ යම්කාලයක් ගෙව්වාට පස්සෙ වටහා ගතයුතු එක දෙයක් තමයි මේ මාතෘකාවට අදාල වෙන්නෙ.

ඔබ යම් මොහොතක ඔබට වැදගත් නොවන්නාක්වූ දේකට පවා නෑ ,බෑ නොකියනවා කියන්නෙ ඔබ ඔබට ඉතා වැදගත් දේකට පවා නෑ, බෑ කියන එක.මොකද ඔබ අර නොවැදගත් දේට එසේ නොකීමෙන් මගහැරගන්නේ ඔබට වඩා වැදගත් දෙයක් වෙන්න පුළුවන් .

ඉතින් හුරුවෙන්න..

උදාහරණයක් විදියට

ඔබේ මිතුරෙක්/ මිතුරියක් ඔබට අඬගසාවි කෝපි කෝප්පයක් බොන්න යන්න...හැබැයි ඒ එක්කම ඇය/ ඔහු ඔබට කියාවි .. .අහවලා ගැන නියම ඕපාදූප ටිකක් තියනවා කියන්න කියල...

ඉතින් ඒකට "මට එන්න බැහැ" කියන එක ඔබට බලපාන්නෙ හොඳ අතටද නරක අතටද කියල හිතන්න....

ඔබේ කාර්‍යාලීය සගයෙක් සමහර විටෙක ඔබට ඔහු / ඇයගේ සෘනාත්මක සිතුවිලි එක්කරන්න හදන මොහොතක ...ඔබ එය ප්‍රතික්ෂේප කලොත්....එය "නැහැ ...මම ඒකට එකඟ නැහැ" කියන එක ඔබට බලපාන්නෙ කොහොමද කියල හිතන්න....

ඔබේ සිහින ,ඔබේ ඉලක්ක, ඔබේ අරමුණු වලට හිනාවෙන අය...ඔව් සමහර විට ඒ ඔබේ ලඟම නෑයෙක් වෙන්න පුළුවන් ...ඔවුන් ඒ හිනාවීමෙන් ඔබට ඔබේ සිහින, අරමුණු සහ ඉලක්ක ගැන සැකසංකා ඇතිවෙන්න යනව නම් එතනදි "නෑ ....ඔබ වැරදියි...ඔව් මම ඒක කරනව" කියන එක ඔබට බලපාන අන්දම හිතන්න...

ඔබේ ජීවිතේ වැඩසටහන ආපස්සට අදින ඕනම කෙනෙක්ට ,ඕනම දේකට නෑ, බෑ කියන එක ඇයි ගැටලුවක් වෙන්නෙ කියලා ආයෙම හිතන්න

ඔබට හැමකෙනාටම අවශ්‍ය ,ගැලපෙන විදියෙ කෙනෙක් වෙන්න අමාරුයි .ඔබ එහෙම වෙන්න අවශ්‍යත් නැහැ . නමුත් ඔබ ඔබට අවශ්‍ය පුද්ගලයා වෙන්න. ඔබේ මූලිකත්ව වටහා ගන්න.ඔබේ ඉලක්ක හඳුනාගන්න.

ඉදිරි සතිය, මාසය, අවුරුද්ද යන කාලවල ඔබ ඔබට යාහැකි හොඳම තැනට යන්න අරමුණු කරගන්න.අන්න එතනදි...නෑ හරි බෑ හරි කියන්න වෙන වෙලාවල ඒක කියන්න පසුබට වෙන්නත් එපා.

ඔව්...

මේ නෑ සහ බෑ දෙක නිසා සමහරක් අය ඔබ එක්ක පොඩ්ඩක් අසතුටුවේවි....ඉතින් ....

ඔබම තීරණය කරන්න....

අන් අයව සතුටින් තියන්න ඔවුන් ගේ අවශ්‍යතා වෙනුවෙන් නෑ බෑ නොකියා කටයුතු කරනවාද එහෙම නැත්නම් ඔබේ සිහින, ඉලක්ක කරායන්නට අන්න ඒ නාස්තිකරන කාලය යොදාගන්න නොපැකිලව නෑ සහ බෑ කියනවද කියල.....

Everytime you say YES to something that is unimportant , you say NO to something that is important.

ඉතින් මම ....

මට කල නොහැකි , මට කාලය වෙන්කරන්න බැරි බොහෝ දේට 

නෑ...සහ බෑ කියන්න හුරුවෙලා ඉන්නවා....

ඔබ කොහොමද ?

(අන්තර්ගත අදහස් රොබින් ශර්මා ලියූ the greatness guide පොත ඇසුරින්.  මෙය පරිවර්තනයක් නොව අනුවාදයක් බව සලකන්න)

© කිත්මා වාසනා දහනායක

10 comments:

  1. ඒකත් හැම වෙලේම කරන්න අමාරුයි නේද

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔතන තමයි, අවුල තියෙන්නෙ. අපිට කෙලින්ම නෑ, බෑ කියන්න දිව නැමෙන්නෙ නෑ.

      බැරි දේටත්, කෙලින්ම නෑ, බෑ නොකියන එකෙන් වෙන හොඳක් නෑ. අපි අනිකාට බොරි බලාපොරොත්තුවක් දෙනවා විතරයි.

      මේක අපේ සංස්කෘතියත් එක්ක බැඳිච්ච දෙයක් වෙන්ට ඇති. එහෙම කිව්වාම, අහන අයගෙත් හිත නරක් වෙනවා. "කෙලින්ම මගේ මූණටම බැහ් කිව්වා" කියල නෝක්කාඩු කියනවා. අමාරුවෙන් නමුත් වෙනස් කරගතයුතු දෙයක්, කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. උත්තරේට එකඟයි බස්සා මල්ලි.

      Delete
  2. හිත රිදෙන්නැතුව බෑ කියන ටෙක්නික්ස් මොනවද?

    ReplyDelete
  3. මුල් කාලේ ආපු පොසිටිව් තින්ක් වල කිව්වෙ යෙස් කියන්ට. හැමදේටම පුරුදු වෙන්ට. ඊට පස්සෙ ඒ උන්දලම කියන්ට ගත්ත no කියන්ට පුළුවන්කොමත් පොසිටිව් කියල...

    ReplyDelete