Saturday, June 15, 2024

අහම්බකාරක සතුටු හැඟීම්

 අහම්බකාරක සතුටු හැඟීම්




කලින් දවසක සතුටු කතන්දර වලට මම අපේ හොස්පිට්ල් එකේ ප්‍රෝග්‍රෑම්ස් ගැන ලිව්වා මතක ඇති නේ....

ඉතින් අදත් එහෙම දවසක්...

රෝද පුටුවෙන්, ඇවිදින ෆ්‍රේම් එකෙන් ,සැරයටියෙන් එන ගතින් වියපත් වුණත් වියපත් නොවන හිතැත්තෝ හය දෙනා අපි එක්කරගෙන එනවා.

සාමාන්‍යයෙන් ඒ අය කෑම ගන්න රවුම් මේසය වටා එයාලා ඉඳගත්තාම අපිත් එයාලා අතරින් ඉඳගන්නවා...

මට තවමත් ආගන්තුක වුණත් එයාලා කතාකරන මාතෘකා හරි අපූරු ඒවා ..

ෆුට්බෝල් මැච්, සංගීත සංදර්ශන වගේ එයාලාගේ විනෝදාස්වාදයට ගැලපෙන ඒවා ගැන සංවාදයේ යෙදෙන්නෙ...

ඒ අතර සමහර දාට එයාලාගේ මනාපය පරිද්දෙන් අපි කාගේ හෝ ජංගම දුරකතනයක youtube එකේ සිංදුත් වාදනය වෙනවා....

මම කවුන්ටරය ලඟ ඉඳන් මට බාරව උන්න patient එක්ක එයාගේ කෑම එක හදන වැඩේ යෙදෙනවා....

ඒ අතරේ මට ඇහෙනවා...

"සඳ ගිලුණත් හිරු ගිලුණත් මට කමක් නෑ..

තරු වැටුණත් මල් හැලුණත් මට කමක් නෑ

ඔබ මා ලඟ සිටිනව නම් කමක් නෑ...කමක් නෑ...කමක් නෑ..."

මම ඉක්මනින් මගේ නිලඇඳුමේ සාක්කුව බලනවා....

සාමාන්‍යයෙන් උදේ වැඩට ආවම ෆෝන් එකේ ඩේටා ඕෆ් කරන නිසාම මගේ දුරකතනයෙන් එහෙම වාදනයක් වීම වෙන්න බෑ....

නමුත් සිංදු නොකඩවා ඇහෙන්නේ මේසේ උඩ තියන ජංගම දුරකතනයෙන්...ඒක මගේ භෞත චිකිත්සක යෙහෙලියගේ..ඇය අයිති අප්‍රිකාවට..නමුත් බොහෝ කාලයක සිට ඉන්නේ මේ රටේ...

මම මේසයට නැඹුරු වෙලා බලන කොට ඒ ජංගම දුරකතනයේ වාදනය වෙන්නේ "60-70-80 දශකයේ ගී...."තේමාවෙන් ගීත...

ශ්‍රීලංකාව ගැන හාංකවිසියක් නොදන්න අපේ patients ලා සමහරු කෑම කන ගමන් අතින් මේසෙට තට්ටු කරනවා ඒ තාලෙට අනුගතව...සංගීතය විශ්ව භාශාවක්...ඉතින් ඒකට වචන වල තේරුම අවශ්‍ය නෑ...කියන එක මට ඔප්පු වෙනවා....

"මට හරිම සතුටුයි...ඔයා මගේ අද දවස සතුටින් පිරෙව්වා.."

මම මගේ යෙහෙළියට ස්තුති වන්ත වෙනවා...

"ඒක මටත් සතුටක් කිත්මා.."

ඒ ඇයගේ නිරහංකාර ප්‍රතිචාරය...

හිතාගන්න පුළුවන් ද...මවුබිමෙන් සැතපුම් දහස් ගාණක් දුර රටක හුදෙකලාව ඉන්න වෙලාවක...ආසම කරන සිංදු ටිකක් එහෙම අන් අයෙක්ගේ දුරකතනයකින් අහන්න ලැබෙනකොට හිතට එන සතුට.....

19 comments:

  1. එුක මාර කික් එකක් නේ සමහර විට අපේය කියන හැගීම බරටම දැනෙනව ඇති නේද.. 🥰🥰🥰

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔව් මල්ලි ...බොහොම ස්තුතියි කියෙව්වාට.

      Delete
  2. ලව්පූසා ගායකයගෙ සිංදු සංකීර්ණයි

    ReplyDelete
    Replies
    1. එක මේ පෝස්ට් එකට ගැලපෙන්නේ නැහැනේ

      Delete
  3. කා‍‍ලයකින් ආවා විසිරි සිහින කියවන්න! ඇත්ත, සංගීතය විශ්ව භාෂාවක්!

    ReplyDelete
  4. එහෙම රැකියා සඟයො ලැබීමත් වාසනාවක්!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියෙව්වාට.

      Delete
  5. ඔව්. ඒ හැගීම මාරයි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියෙව්වාට.

      Delete
  6. ලංකාව ගැන පැහැදීමක් නැති උනත් මේ වගේ වෙලාවක ලංකාවේ නොවෙන කෙනෙක් අපේ දෙයක් ගැන කියනකොට පොඩි කැමැත්තක් ඇති වෙනවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියෙව්වාට.

      Delete
  7. ගෝවේ එවුන් අපේ බයිල වලට නටනවා වගේ

    ReplyDelete
  8. The most relevant post, best wishes by top efficient Digitizing company, Crystal Digitizing Company, in the USA.

    ReplyDelete