Saturday, June 1, 2024

සතුටු කතන්දර

 සතුටු කතන්දර




මේ කතාව මං ගැනමයි....

මෙච්චර දවසක් සතුටු කතන්දර ගොන්නේ ලියවුණේ මං දකින ඇසුරු කරන අයගේ ජීවිත වල සතුටු කතන්දර....

අද වෙනස් කතාවක්....

මේ සතියේ එක දිගට දවස් පහම මම වැඩ.ලෙඩ්ඩු එක්ක විතරක් වැඩ නම් කමක් නෑ....homevisits ගිහින් ගෙවල් වල තත්වය බලන්න, ඒ ඔක්කොම දවස අන්තිමේ reports ලියන්න, patients ලාගේ ගෙවල් වලින් ආයතන වලින් එන දුරකතන ඇමතුම්, විද්‍යුත් මේලයන්ට උත්තර දෙන්න....ඔක්කොම එකතු වුණාම දවස් පහ ඉවර වෙන්නෙ පොඩි හෙම්බත් කමක් එක්ක....ඒ මදිවාට දවස් දෙකක් ඇවිදින්න යන්න නොලැබීම එක්ක පොඩි කණගාටුවකුත් එක්කම තමා මම නවාතැනට ආවේ.

රෝහල කිට්ටුවෙන් පයින් යන දුරෙන් නවාතැනක් හොයාගත්තු මුල්ම දවස්වල ඉඳන් අද වෙනකල් ම ස්ටාෆ් එකේ අය කියන්නේ...."කිත්මා මාර ලකී..." කියලා...ඇත්තනෙ ඉතින් වාසනා කියන්නේ ලකී කියන එකටමනෙ...නවාතැන් ගැටලුව තදබල අන්දමටම තියන ලන්ඩන් වල මෙහෙම තැනක් හම්බ වීමම වාසනාවක් එක අතකට....අනෙක් දේ ඇවිදින්න අපූරුම ලස්සන පරිසරයක් අවට තිබීම...නමුත් වැස්ස නිසා ඇවිදීමට බාධායි මේ ටිකේම...

හොස්පිට්ල් එකට අඩි ගාණක දුරින් තියන නවාතැනේ කාමරයට ඇවිත් තේ එකක් බොන ගමන් කල්පනා කලේ මොකක්ද කරන්නේ කියලා..ඇවිදින්න යන්නෙත් නැත්නම් ...මොකක්ම හරි කරන්න ඕනනේ කියලා සෑහෙන්නම වෙලාවක් කල්පනා කලා...

ළමා කාලයෙන් ඔබ්බට තරුණ වියට එනවිටත්....මැදිවියට ආ මේ වයසේදිත් මට හිතෙන් අයින් කරදමන්න බැරි විනෝදාංශයක් තියනවා ඒ තමයි මල් කොළ වියලන එක...මේ දවස්වල බැලූ බැලූ අත ඇති කැලෑමල් පොත් පිටු අතරේ නවාතැන් ගන්න අරන් ටික දවසක්..... නමුත් මම හුඟක් දෙනා අහන නිසා කියන්නම්..මම මේ වර්ණ මෙහෙමම රැඳෙන්න කියලා විශේෂ යමක් නම් කළේ නෑ.ඇවිදින්න යනකොට අරන් යන පොඩි නෝට් බුක් එක ඇතුලේ මල් කොළ දාගෙන ඇවිත් ඒවා සුදු පිටු තියන පොතක් ඇතුළට දාන එක තමා මම කළ එකම දේ....

මල් press කිරීම භාවනාවක් වගෙ දෙයක්....ඒ ඔස්සේ නිර්මාණ කරන එකත් හිත සන්සුන් කරවන, සමාධි ගත කරවන ක්‍රියාකාරකමක්.... 

ඉතින් මේ අවසන් ප්‍රතිපලය... පොත් පිටු අස්සේ තියන මල් තව තවත් මේ වගේ ෆ්‍රේම්ස් එයාලා වෙනුවෙන් එනකල් බලා ඉන්න බව කියනවා වගේ ඉතින් මට ඇහෙනවා  ..

මනුස්සයෙක් වුණාම විනෝදාංශ එකක් හෝ තියෙන්න අවශ්‍යයි...ඒ ජීවිතේ නැවුම් කරවන එක හුරුවක්...පුරුද්දක්....

දවසේ අන්තිමට ඇත්තෙන්ම මම ඉන්නේ සතුටින්.... 

"ඔබේ ජීවිතයේ සතුට ඇත්තේ ඔබ තුළමය...එය සොයාගන්න...සොයා යන්න ..."

13 comments:

  1. හරි අපූරුයි. තව සමීප රූපයක් තිබ්බනම් ලස්සන කැපිල පේනවා. ඉවසීම නම් ගොඩක් අවශ්‍ය වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.ඔව් ගොඩක්ම ඉවසීම නම් අවශ්‍යයි

      Delete
  2. ""ඔබේ ජීවිතයේ සතුට ඇත්තේ ඔබ තුළමය...එය සොයාගන්න...සොයා යන්න ..."

    මසුරං කියමන. 💐🙏👌

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. ඔය වගෙ කතාවක් උපනිෂද් වල කියල තියෙනව... 'උත්තර සත්යය ඔබ තුලින්ම මතු කරගන්න'

    නිර්මාණය නම් මරැ!

    ReplyDelete
  5. ඒක හරි අක්කේ.. හොද මතක සැමරුමක්
    ජයවේවා !!!

    ReplyDelete
  6. ඔබේ ජීවිතයේ සතුට ඇත්තේ ඔබ තුළමය...එය සොයාගන්න//
    මිනිස්සු නැති දේවල් ගැන හිතල දුක් වෙනව. තමන්ට ලැබිල තියෙනදේ ගැන සතුටු වෙන්නේ නැතුව...

    ReplyDelete