24 කොටස
23 කොටසට මෙතනින් 23
"පාරමී නැගිටපන්.දැන් හොඳටම දවල් වෙලා."තවමත් නින්දේම ඉන්නා පාරමී වෙත ගිය දැහැමි ඇයගේ උරහිසෙන් අල්ලා සෙලෙව්වාය.සිහින් කෙඳිරුමක් නගා ඇඳමත හිඳගත් පාරමී දෑස් විසල් කොට සිය යෙහෙලිය දෙස බැලුවාය.
"මට එච්චර වෙලා නින්ද ගියාද බං.උඹ ආවෙ කොහොමද ?"
පාරමී ගේ හඬ පවා වෙහෙසකරය.ඇය අන්දමන්ද වූ ස්වරයෙන් කතාකරන අතර සිය ගත තවම සැරසී ඇත්තේ උදෑසන උත්සවයට ඇඳි සාරියෙන් බව දැක දැහැමි දෙස විමතියෙන් බැලුවාය.
"උඹ මගේ දිහා කන්න වගේ බලන්නෙ.මොකද? .අඩුගානෙ එන්න කලින් මටවත් කතාකරන්න තිබ්බෙ නැද්ද?"දැහැමි මඳක් කෝපයෙන් මෙන් ඇසුවාය.
පාරමී නිහඬව සිය සාරිය මුදාහැර තුවායද රැගෙන නාන කාමරයට වැදුනාය.මඳක් තනිව දවසේ වූ සියල්ල යළි සිහි කල යුතුව ඇත. හිත කොපමණ
රිදුනද ඒ සිදුවීම අමතකකල නොහැකි තරම්ය.නාන කාමරයේ කරාමය හැර හිස වතුර පහරට අල්ලාගෙනම ඇය කල්පනා කලේ විශ්වගේ අම්මාගේ ඒ නොරිස්සුම් සහගත වචනය.
"අම්මා තාත්තා සහෝදර සහෝදරියො කිසිකෙනෙක් නෑ කියන්නෙ ඉතින් ...."ඒ කටුක වදන් තමාගේ අභ්‍යන්තරයේ මුලු ගැන්ව තිබූ එක් සාංකාමය හැඟීමක් ඇද එලියට ගත්තා නොවේද ? කෙතෙක් හිත හයියයැයි තමා සිතා උන්නද මෙලොව කිසිවෙක්ම නැති අසරණ ජීවියෙක් පමණක් ම වීද තමන්....?
"පාරමී ...ඒ ගමන උඹ බාත් රූම් එකේ නිදිද ? කෑම ටිකත් ඇල්වෙනව."දැහැමි නාන කාමරයේ දොරට ගසමින් පැවසුවාය. පියවි සිහියට පැමිණි පාරමී හිස තුවායෙන් පිස දමමින් නාන කාමරයෙන් පිටට ආවාය.දැහැමි කිසිවක් නොකියා ඇය සමග කෑම මේසය වෙත ආවේ අම්මා ඒ වන විටත් ආහාර ගෙන අවසන් හෙයිනි.
"කන්නත් බෑ බං."
පාරමී ඇඟ හකුලමින් පැවසුවාය.උදැසන තේ මේසයේදී කිරිබත් කෑල්ලක් කෑවා පමණි.විශ්වගේ මව සහ ශෙරීනා පැමිණ කියවීමට ගත් හෙයින් තේ පානය වත් නොකර පාරමී ආවාය.
"යමං ඉස්සරහට.මං බෙදන් එන්නම්."දැහැමි පිඟානකට බත් එළවළු බෙදමින් කීවේ පාරමී කියූ දේ ගණනට නොගනිමිනි.පාරමී ආලින්දයට සෙමින් ඇව්ද ගියය.
ආලින්දයේ දිගටම රෝස මල් පිරුණ මල් බඳුන් ය.වැඩිමනත් සාත්තු නොකළද ගස් පුරා මල් පිරී ඇත.පාරමී පුටුවක හිඳගත්තේ සුසුමක් හෙලමිනි.දැහැමි කෑමපිඟාන ද ගෙන යාබද අසුනට ආවාය.
"කෝ අම්මා කෑවද ?" පාරමී ඇසුවේ දැහැමි ඇනූ බත්කට කටට ගනිමිනි.
"ඔව් කාල නිදා ගන්න ගියා.මේ ඒක නෙමෙයි..මොකද උනේ කියපන්කො.උඹ මටත් නොකිය එක පාරටම ඔහොම බැහැලා එන්න...එතන මොකක් හරි බරපතළ දෙයක් අනිවාර්යෙන් වෙන්න ඇති."දැහැමි ඇසුවේ පාරමී දෙස බලමිනි.
" විශ්වගේ අම්මා...සෑහෙන දේවල් මගෙන් ඇහුවා.ඒ වගේම මට ලොකූ අනතුරු ඇඟවීමකුත් නොකියාම කිව්වා. මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි .මායි විශ්වය අතරේ එහෙම සම්බන්ධයක් නැති නිසා.නමුත් විශ්වගෙ අම්මා කියපු සමහර දේවල් මට කෙලින්ම ඔලුවට වැදුණා " පාරමී සුසුමක් හෙලමින්ම පැවසුවාය.
දැහැමි සිය යෙහෙලිය වෙතින් සියලු තොරතුරු අසා දැනගත්තේ කෑම කවනා අතරේමය.විශ්ව ගේ මව ඇයගේ ජීවිතය සම්බන්ධව එල්ල කල ඒ වචන පාරමීට දරාගන්නට අපහසුව තිබිණ.
"උඹයි විශ්ව අයියයි අතරෙ සම්බන්දෙකුත් නැතුව ඒ මනුස්සයට ඔහොම වටින්නෑ නෙ බං කෙනෙක්ගෙ පෞද්ගලික ජීවිතේට ප්‍රශ්න ඇතිකරන්න.ඒක මහ කැත වැඩක්නෙ."දැහැමි පැවසුවේ කෝපයෙනි.
"මට එතනදි ඕවට මොකුත් කියන්නවත් ඕව විශ්ව ඉස්සරහ ඇදගන්නවත් ඕනනෑනෙ බං.මං මගෑරල ආවෙ ඒකයි. කෙනෙක්ට ජීවිතේ කවුරුමහරි ඉන්නඕන බං.මං කාත්කවුරුවත් නැති කෙනෙක් කියන හැඟීම පිට කෙනෙක් මගෙ ඔලුවට දැම්මාම මට ඒක දරාගන්න අමාරුයි " පාරමී වතුර වීදුරුව මුවට ගෙන යමින් පැවසුවාය.
"ඕව ඒ උනාට විශ්ව අයියා දැනගන්න ඕන.ඒ එයාගෙ අම්මනෙ.එයාගෙ අම්ම උනත් ඒ කල වැරදිදේ වැරදිම තමා.ඕක එයාට කියන්නම ඕන." දැහැමි පැවසුවේ කෝපයෙනි. මෙතුවක් ජීවිතය පුරා අවාසනාවන්ත අභියෝග සියල්ල දරාඋන් සිය මිතුරිය පිට අයෙක් හමුවේ මෙසේ අසරණ වීම දැහැමිට වේදනාවක් විය.
"උඹට පිස්සුද ...විශ්ව අම්ම එක්ක කොහොමත් අවුලෙන් ඉන්නෙ.ආයෙ එතන ප්‍රශ්න වැඩිකරන්න ඕනනෑනෙ."
පාරමී එකහෙළාම විරුද්ධ වූවාය.විශ්ව යාන්තමින් සිය මානසික වියවුලෙන් ගොඩ ආවා පමණි.ඔහු සිය සිහින ව්‍යාපාරය ගොඩනගා ගෙන අනාගත අරමුණු වෙත යන්නට තැනුවා පමනි.එහෙයින් මෙවන් වැදගැම්මකට නැති කතාබහක් ඔස්සේ ඔහු තවත් අවුල් කලයුතු නැත.
"මොකක්ද බං මෙතන වෙන්න ඇත්තෙ.පාරමී කෝල් වලට ඒතරම් රෙස්පොන්ස් කරන්නෙ නෑනෙ"
විශ්ව නිසල් සමගින් පැවසුවේ දැඩි කලකිරීමකිනි.
"මම දැහැමිට කතාකලා. පාරමී චුට්ටක් අවුලෙන් ඉන්නෙ කියල දැන්ම ඒ ගැන අහන්න යන්න එපා කීවා .එයාම කියනකල් ඉන්න කිව්ව."නිසල් පැවසුවේ පෙරදා රැයේ දැහැමි ඇමතූ පසු ඇය පැවසූ දේය.
"විශ්ව අයියගෙ අම්මා පාරමීගෙන් පර්සනල් දේවල්, පවුලෙ විස්තර අහල තියනව.ඒ දේවල් නිසා පාරමී අවුල් වෙල වගෙ ඉන්නෙ.කෝකටත් එයා කියන කල් හාරාවුස්සල අහන්න යන්න එපා කිසිදෙයක් ඔයාවත් විශ්ව අයියවත්.පාරමී ඔහොම උන්නට ස්ට්‍රෝන්ග්. එයා ඕක අමතක කරයි."
දැහැමි පැවසුවාය.
"ඒඋනාට බං පාරමී කතාකරන්නෙ අඩුවෙන්.එයා ඔහොම වෙලා නෑ මීට කලින්."
විශ්ව දෑතේම මුහුණ හොවාගත්තේ වෙහෙසිනි.ඇය සිය ජීවිතයේ විශේෂම අයෙකි.ආදරයද කියා කියන්නට නොතේරෙන මොකක්දෝ බැඳීමක් ඇය ගැන හිතේ පිරී ඇත. දවසකට දෙතුන්වරක් වචන දෙකතුනක් හෝ අමතා විහිලුවක් කොට සැනසුනේ එ හඬිනි.එහෙත් ඇය එක්වරම නිහඬව ගොසිනි.
"මම යනව ඉරිද හවස පාරමී හම්බවෙන්න ගිහින් මේක දැනගන්න ඕනෙ.උඹ එනවද
මා එක්ක යන්න."
විශ්ව ඇසුවේ නිසල්ගෙනි.
"ටිකක් ඉවසපන්කො. කලබල නොවී.උඹට දැන් දැහැමිත් කිව්වනෙ."නිසල් පැවසුවේ විශ්වගේ කලබලය මඩිනු රිසියෙනි.
දැහැමි සහ අම්මා පිටත්ව ගියේ ඉරිදා හැන්දෑවේය.පාරමී හුදෙකලාවේ නීරස බව වඩ වඩාත් අත්විඳිමින් උන්නාය.විශ්වගෙන් ආ ඇමතුම් කීපයක්ම ඇය සිතාමතාම මගහැරියේ සිදුවූ කාරණය වසැංගිය යුතු හෙයිනි.
නිලනිවෙසේ ස්ථාවර දුරකතනය නාද වෙනු ඇසී පාරමී මුලුතැන්ගෙහි සිට ආවේ සාදාගත් තේ බඳුනද අතැතිවය.වාට්ටුවක ගැටලුවක් මිස අන් යමකට ස්ථාවර දුරකතනය නාද නොවේ.
"හෙලෝ" පාරමී ඇමතුමට සම්බන්ධ වූවාය.
"මැඩම් විසිටර් කෙනෙක් ඉන්නව හම්බවෙන්න ඇවිල්ල.ක්වාටර්ස් එකට එවන්නද ?"
දුරකතන සහායක ඇසුවේය.පාරමී මඳක් කල්පනා කලේ ඒ කවුරුන් විය හැකිදැයි සිතමිනි.තමා මෙහි සිටින බව දන්නා අය අල්පය.මෙතුවක් කල් කිසිවෙක් තමා හමුවන්නට ආවේද නැත.
දුරකතන සහායකගෙන් ආවේ කවුරුන්දැයි අසන්නට නොහැක.
"එවන්න .."පාරමී දුරකතනය ආපසු තබා තේ බඳුන නැවත මුලුතැන්ගේ මේසය මත තැබුවාය.නිවසෙ ඉදිරිපස දොර අසලට කවුරුන් හෝ පැමිණ ඇති බව දැනුනි.සීනුව නාදවනතුරු මොහොතක් උන් පාරමී ඉදිරිපස දොර විවෘත කළාය.
පැමිණ උන් අය දුටුවිට පාරමී ගේ දැස් නළලට ගියේය.
එන්න ඇතුලට...පාරමී දොර අසලින් මෑත්වූවාය.
***
පැමිණ සිටියේ විශ්වගේ අම්මාය.පාරමී මේ මොන ගිණි ගෙඩියක්දැයි සිතමින් ඇයට අසුනක් පෙන්වූවාය.
ඔසරියක් හැඳ මුතු දෙපොටක් ගෙල දමා උන් විශ්වගේ අම්මාගේ මුහුණේ තිබුණේම අහංකාර බැල්මකි. පාරමී ඇය දෙස කෙලින්ම බලා උන්නාය.තව දුරටත් තමා පාගා තලන්නට මේ කාන්තාවට ඉඩ නොදෙමියි ඇය සිතාගත්තාය.
" මිසිස් ජයසූරිය මේ වෙලාවේ..මෙහෙට ආවේ මොකුත් උවමනාවකටද ?" පාරමී ඇය ඉදිරිපස අසුනේ හිඳගත්තේ එසේ අසමිනි.මීට දින දෙකකට පමණ පෙර තමා ප්‍රශ්න කරද්දී නිහඬව හිස නවා උන් ඇය අද සෘජුවම ප්‍රශ්න කරද්දී විශ්වගේ මවට යම් තිගැස්මක්ද ඇතිවිය.
"ඔව් මම ආවෙ උවමනාවකට තමයි."ඇය සුපුරුදු අහංකාර බවින් යුතුවම පැවසුවාය.පාරමී නිහඬවම ඇය දෙස බලාඋන්නාය.
"මේ ළමයාගෙයි අපෙ පුතාගෙයි අතර තියන සම්බන්ධෙ මොකක්ද ? අන්න ඒක මට දැනගන්න අවශ්‍යයි"විශ්වගේ මවගේ වදන් වල කිසිදු තෙත් බවක් නම් නොවීය.
"විශ්වගෙයි මගෙයි අතරෙ තියෙන්නෙ යාලුවො දෙන්නෙක්ගෙ සම්බන්ධකම.ඇයි කවුරු හරි වෙනස් දෙයක් මිසිස් ජයසූරියට කිව්වද?" පාරමී ද සිත දිරිය ගෙනම ඇසුවාය.
"ඔව් ඔව් ඔය කවුරු කවුරු ත් පටන්ගන්නෙ යාලුවො හොඳම යාලුවො කියාගෙන තමයි.ඉන් පස්සෙනෙ ඕව දුරදිග යන්නෙ."ඇය නොරිස්සුමෙන් පැවසුවාය.පාරමීගේ ඉවසීමේ සීමාව අවසන් වීගෙන ආවද තවදුරටත් ඉවසිය යුතු හෙයින් ඇය බලාඋන්නේ මේ කාන්තාව පවසන දේ ගැනය.
"අනෙක් අය කරන කියන දේවල් එක්ක මගෙ දේවල් සම්බන්ධ කරන්න එපා මිසිස් ජයසූරිය.මොකක් හරි ප්‍රශ්නයක් තියේ නම් කියන්න කෙලින්ම.""පාරමී පැවසුවාය.
"ඔය ළමයා එක්ක අපේ විශ්වගෙ තියන සම්බන්ධය වගේම මේ ආශ්‍රය නවත්වන්න ඕනෙ.එකක් ...මේ මොන යාලුකමක් නිසා හරි විශ්ව දැන් සෑහෙන්න වෙනස්.අනික මම ශෙරීනාව මිනිහාට යෝජනා කරල හුඟක් කල්.ඒ කටයුත්ත වෙනවාමයි.ඒ නිසා බොරුවට තමන්ගේ කාලය නාස්ති කරගන්න එපා ඔය ළමයා."ඇයගේ ඉවරයක් නැති කියවීම පාරමීගේ දෑස් විසල් කලේය.
"මේක මහ පුදුම කතාවක්නෙ මිසිස් ජයසුරිය. ඔයාගෙ පුතා මගෙ යාළුවෙක් විතරයි කියල මම සිංහලෙන් දැන් කීවනෙ.ඔය ශෙරීනා වුනත් වෙන කෙනෙක් වුනත් විශ්වගෙ ජීවිතට සම්බන්ධ වෙන එකට මාව අදාල කරගන්න එපා."පාරමී පැවසුවාය.
"ඒකෙන් මේකෙන් කමක් නෑ.ළමයො...අම්මෙක් අප්පෙක් සහෝදරයෙක් නැතුව හැදෙන ගෑනු අපේ පවුලට සම්බන්ද කරගන්න කොහොමත් මට ඕනනෑ. ඒ නිසා මං මේ ආවේ හොඳින් කියල යන්න විශ්වගෙන් ඈත්වෙලා ඉන්න තේරුනාද..ආයෙ මට එන්න තියන්න එපා."විශ්වගේ මව අසුනෙන් නැගී උන්නේ දැඩි බැල්මකිනි.
"ඔව් මිසිස් ජයසූරිය ආයෙ මෙහෙ එන්න අවශ්‍යම නෑ.එකක් මතක තියාගන්න...ඔයාගේ ඔය කතා අහන් මම මේ ඉවසීමෙන් ඉන්නෙ මම මිනිස්සුන්ගෙ මනස ගැන හොඳින් ඉගනගෙන ඉන්න නිසා.ඔයා මේ වෙද්දි ඔයාගේ දරුවන්ගෙ ජීවිත විනාශ කරල ඉවරයි.අන්න ඒක මතක තියාගෙන කරුණාකරල මෙතනින් යන්න."පාරමීද අසුනෙන් නැගී උන්නේ ඇයට නොදෙවනි තද හඬකිනි.
"කාත් කවුරුවත් නැති උනාට කටේ තියන හයිය."විශ්වගේ මව එලියට බැස්සේ එසේ කියමිනි.පාරමී ඇයට ඇසෙන්නම වේගයෙන් දොර වසා දැම්මාය.මේ සා කුරිරු මිනිසුන් මේ ලොව සිටිනවා යැයි මෙතුවක් තමන්හට සිතී නැත.අත්දකින්නට වූයේද නැත.එහෙත් මේ අනිසි චෝදනාව තමන්ට දරාගන්නට නොහැකි තරම් ය.පාරමී ආපසු විත් අසුනට වැටුණේ අප්‍රාණිකවමය.වෙලාවට දැහැමි සහ ඇයගේ අම්මා කලින් නික්ම ගිය එකම හොඳය.නැත්නම් මෙතන සිදුවන්නේ නෑදෑකම්ද බිඳෙන තත්වයකි.පාරමී කිසිවක්ම සිතාගන්නට නොහැකිව කල්පනා කරන්නට වූවාය.
***
රිය පැදවීම නිසල් බාරගත් හෙයින් විශ්ව ඉදිරි අසුනේ කල්පනාවක බරව උන්නේය.නිසල් විටින් විට සිය මිතුරා දෙස බලමින් රිය පැදවුවද විශ්ව උන්නේ බොහෝ තදින් සිය කල්පනාවේ ගිලීයමිනි.පාරමීගේ හැසිරීමේ වෙනස ඔහු සසල කොට ඇත.
"අපි මේ ගමන යන්නම ඕනද බං.?" නිසල් නැවත විශ්වගෙන් ඇසුවේ පාරමී හමුවන්නට ඇයගේ නිලනිවසට යායුතුමයැයි විශ්ව බලකල හෙයිනි.
"ඇයි මොකද බැරි.? එයා මේ මගහරින හේතුව මට දැනගන්න ඕන.අම්මා මොකක් හෝ කිව්ව නම් එයාට තිබ්බ මට කියන්න.එහෙම නැතුව මාව මෙහෙම අයින්කරල එයා බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද?" විශ්ව කෝපයෙන් ඇසීය.
"හරි යමන්කො.දැන් උඹ එනව කියල කිවාද පාරමට?" නිසල් ඇසුවේ වාහනය පදවන අවධානය බිඳනොගනිමින්මය.
"නෑ...කිව්වොත් එයා මගෑරල යයි.නැත්නම් හොස්පිට්ල් එකේ වැඩක් කියයි.මේ ටිකේම කලේ ඕකනෙ.සද්ද නැතුව යං" විශ්ව යෝජනා කලේ එසේ යන්නටය.
විශ්ව දෑස් පියාගෙන කල්පනාවක උන්නද නිසල් මාවත දෙආටම යොමුව ගත් නෙතින් යුතුව රිය පැදවීය.රෝහල් ගේට්ටුව පෙනෙන නොපෙනෙන සීමාවේදී රෝහල් මාවතෙන් විරුද්ධ දෙසට එන රිය දුටුවිට නිසල්ගේ දෑස් මහත් විය.එය විශ්වගේ නිවසේ අනෙක් වාහනයයි.
"අප්පට සිරි මේ මොකක්ද මේ වෙන්න යන්නෙ.විශ්වයගෙ අම්මයි අර උඩැක්කියයි නේද අර වාහනේ යන්නෙ.ඒත් උන් කොහෙද මේ හොස්පිට්ල් එකේ"නිසල් මාවත අයිනට රිය අයින්කොට නැවතුවේය.
"ඇයි මොකද ?"විශ්ව දැස් හරවා වටපිට බැලීය.නිසල් තවමත් පැති කණ්ණාඩියෙන් මාවත පිටුපස බලමිනි.
"මොකද බං හොල්මනක් දැකල වගෙ"විශ්ව ආපස්සට හැරී බලමින් ඇසීය.
"මචං...උඹලගෙ ගෙදර වාහනේ දැන් හොස්පිට්ල් එකෙන් එලියට ආවා.ඒකෙ උන්නෙ අම්මයි ශෙරීනායි."නිසල් විශ්ව දෙස මවිතයෙන් බලා පැවසීය.
"මොකක් මොකක් ....යකො කියන්න එපැයි මට.."විශ්ව කෝපයෙන් ඇසුවේ නිසල් දෙස බලමිනි.
"කිව්වෙ දැක්ක ගමන් .මේ දැන්නෙ පහුවුනෙ.මේ අහපන් මෙතන මොකක් හරි වෙනව.අපිත් දැන් හොස්පිට්ල් යන්න ඕනනැ.."නිසල් පැවසුවේ ස්ථීර හඬිනි.
"ගනින් පාරමීට කෝල් එකක්"විශ්ව පැවසුවෙ මෙ මොහොතේ ඇය තමාට පිලිතුරු නොදෙන බව වටහාගෙනය.
නිසල් කිහිප වරක් පාරමී හට ඇමතුවද එහා පසින් සම්බන්ධ වීමක් නැත.ඔහු යටිතොල නොපිට පෙරලා විශ්ව දෙසබැලීය.
"යමන් එහෙනම් එහෙට.මේක දෙකින් එකක් බේරගන්න "විශ්ව හඬ උස් කොට පැවසීය.
බලපන් දැන් රෑ හතත් වෙලා.මේ වගෙ වෙලාවක ගෑනු කෙනෙක් තනියම ඉන්න තැනකට යන එක හොඳද කියහං විශ්ව පිස්සු නටන්නැතුව පොඩ්ඩක් මොලේ කල්පනා කරපන්කො.
නිසල් පැවසිවේ විශ්වගේ උරහිසට අතතබමිනි.
මං දන්නෑ බං මට ආයෙ පරණ තැනටම වැටෙන්න වෙයි මෙහෙම ගියොත් .ඇයි බං මේ මනුස්සයටවත් මේක තේරෙන්නැත්තෙ.විශ්ව පැවසුවේ වේදනාවෙනි.
එවිටම නිසල්ගේ ජංගමය නාදවූයේය.ඇමතුම පාරමී ගෙනි.ඔහු විශ්වට නිහඬවන ලෙස ඉඟියෙන් පවසා ඇමතුමට සම්බන්ධ වූයේ ස්පීකරයද දමාය.
නිසල් මට කතාකලාද.සොරි මම බාත් රූම් එකේ උන්නෙ.පාරමී ගේ හඬ වෙනස් ය.
ආ ඔව් ඩොක්ටර් මම ගත්තා. නිසල් පැවසුවේය.ඩොක්ටර් මොකුත් අවුලක් නෑනේද යලි ඔහු ඇසුවේ විශ්ව දෙස බලමිනි.
නෑ මොකුත් ප්‍රශ්නයක් නෑ නිසල් ඇයි..පාරමී අසුවාය.
නෑ..මම මේ හොස්පිට්ල් එක ගාවින් පොඩි ගමනක් යනගමන් ඩොක්ටර්.එතකොට මම දැක්ක විශ්වලගෙ ගෙදර වාහනේ හොස්පිට්ල් ගේට් එකෙන් එලියට දානව.පහුගිය දවස් වල ප්‍රශ්නයකුත් උන නිසා මට කෝල් කරල බලන්න හිතුණා.නිසල් පැවසුවේය.
හ්ම්ම්....ප්‍රශ්නයක් නම් තමයි නිසල්.ඒත් මට ඒක විසඳගන්න පුළුවන් .ඒක ගනාන්ගන්න එපා.පාරමී ගේ හඬ වෙවුලා යමින් තිබුණි.විශ්ව වේදනාවෙන් නිසල් දෙස බැලුවේය.නිසල් ඔහුට සන්සුන් වන ලෙස ඉඟිකොට නැවත කතාකලේය.
ඩොක්ටර් පොඩ්ඩක් මේ ප්‍රශ්නෙ විශ්ව එක්ක කතකලොත් මොකද.මිනිහත් මේ මොකුත් හරියට නොදැන අවුලෙන්නෙ ඉන්නෙ.නිසල් ඇසුවේය.
"ඔව් මම විශ්ව ට කතාකරන්නම් හෙට විතර.එහෙනම් මම තියන්නම් නිසල්.බායි."පාරමී ගේ ඇමතුම විසන්ධිවිය.
"ඉවසල හිටපන්.දැන් කිව්වනෙ කෝල් කරනව කියල.යමං දැන් ගෙදර "නිසල් රිය හරවා ගත්තේ එසේ කියමිනි.
***
ඇයි ඔයා ඔහොම කරේ පාරෝ.
විශ්ව ඇසුවේ ඉමහත් වේදනාවකිනි. පාරමී කිසිවක් නොකියා සුපුරුදු ලෙසින් ඈත වැව් තලය දෙස බලා උන්නාය. කතාකරගත් ආකාරයටම පසුදා හවස පාරමී විශ්වට ඇමතුවේ හමුවීමට අවැසි බව පවසමිනි.
පුරුදු ලෙසින්ම ඔවුන් දෙදෙනා බොහෝ විට හමුවූ වැව අසල කුඹුක් ගස් යායේ ලී කොට බංකුවක හිඳගත් පාරමි බොහෝ වේලාවක් නිහඬව උන්නේ විශ්වට ඇති තරම් කියවන්නට ඉඩදීය .
පැමිණි මොහොතේ සිටම එකදිගට චෝදනා කරමින් පාරමී හට දොස් නැගූ විශ්ව ගේ සිතේ ඇති නොරිස්සුම සහ කේන්තිය අහවර වී යන තුරුම පාරමී නිහඬ ව බලා උන්නාය.
"ඇයි කතා කරන්නේ නැත්තේ"
පාරමීගේ දිගු නිහැඩියාව අවසන් නොවන බව දුටු විශ්ව ආපසු හැරී පැමිණ ඇයට මුහුණලා ඉඳගත්තේය .
"ඔයා කතා කරලා ඉවර වෙනකම් උන්නේ"
පාරමී හිනැහෙන්නට උත්සාහ දරමින් පැවසුවා ය .
"තව ලැජ්ජ නැතුව හිනාත් වෙනවා නේ "
විශ්ව ඇය වෙතට දැඩි රැවුමක් පා කර හරිමින් පැවසුවේය.
"මිනිස්සු අඬන්න ඕන තැන් වලදිත් හිනා වෙලා ඉන්න එකම ලොකු දෙයක්නෙ විශ්ව .හොඳයි දැන් ඔයා කතා කරලා ඉවර නම් මට කතා කරන්න දෙනවද ?"
පාරමී පැවසුවේ සුසුමක් හෙළමිනි .
"කතා කරන්න එපා කියලා කවුද කිව්වේ මම මේ සිද්ධිය වෙච්ච පළවෙනි දවසේ ඉඳලම ඔයාට කතා කරන්න නේද හැදුවේ? .ඔයානේ ඒ පාර මාව මග ඇරලා හිටියේ .මට ඇත්තටම ඒකටයි හේතුව දැනගන්න ඕනේ."
විශ්ව කුඹුක් ලීයෙන් සෑදූ කුඩා මේසය මතින් අත දිගු කොට පාරමීගේ අතක් අල්ලා ගත්තේය .වෙනදා ඕනෑ තරම් කතාබහේ යෙදෙන විට ඇයගේ අතකින් අල්ලා ගැනීම පාරමීට වත් විශ්ව ටත් අමුතු දෙයක් නොවුණ ද මේ මොහොතේ පාරමී සෙමින් ඇයගේ අත ඔහුගෙන් මුදා ගත්තාය. විශ්ව ඒ දෙස බලා වුණේ දැඩි කුකුසකිනි.
"ඔය දැන් කරපු දෙයින්ම ඔයා කොච්චර වෙනස් වෙලාද කියන එක මට තේරෙනවා . හරි කමක් නැහැ නැහැ කියන්නකො මොකද උනේ කියලා මුල ඉඳලම"
විශ්ව සිය දෑතම ලය හරහා බැඳ ගනිමින් පිටුපසට වූයේය
පාරමී එකිනෙක සිදු සිදු වූ සිද්ධීන් එතකොට විස්තර කරමින් උන්නාය .කෙතරම් පාලනය කරගන්නට උත්සහ ගත්තද අම්මා සහ ශෙරීනාගේ හැසිරීම් රටා කෙතරම් අවුල් සහගත ද යන බව විශ්වට වැටහෙත්ම ඔහුගේ සිතෙහි යටපත් වී තිබූ කේන්තිය යළි යළිත් ඉස්මතු විය
"ගහන්න ගහන්න වඳින එකා මෝඩයා කියලා දන්නේ නැද්ද ? තමන්ට ඔච්චර අපහාස කරන කල් කටවහන් අහන් හිටියා නේද? මගේ අම්මා උනාට කමක් නැහැ ඒ වෙලාවෙ ඵයාට අඩු තරමේ කට වැහෙන්න දෙකක් ඔයාට කියන්න තිබුණා .එහෙම නැත්තං ඒ වෙලාවේ මට කතා කරන්න තිබුණා .ඔයා මොනවද කළේ පාරෝ. අන්තිමේ ඔයා කරපු එකම දේ ඒ කියන ඕනම දෙයක් සද්ද නැතුව අහන් ඉදලා අන්තිමේ මටත් නොකිය එතනින් හැංගිලා ආව එකයි .ඒක හරිද ?.ඒකෙන් ඔක්කොම ප්‍රශ්නෙ විසඳුනා ද? "
විශ්ව ඇසුවේ පාරමී දෙස සෘජුවම බලමිනි
"මගේ අම්මා කවදාවත් මට වැඩිහිටි කෙනෙක් එක්ක ඒ තාලෙන් කතා කරන්න ඉඩ දුන්නේ නැහැ විශ්ව .පලවෙනි දවසේ මං එහෙම සද්ද නැතුව ඉවසීමෙන් හිටපු එක ඔයාගේ අම්මා බාරගත්තෙ මගේ නිවටකමක් විදියටයි . අන්න ඒ නිසයි එයා දෙවැනි දවසේ මගේ තැනටම ඇවිල්ලා මට දිගින් දිගටම අපහාසයි තර්ජනයි කරන්න පටන් ගත්තේ .මම ඒ වෙලාවෙත් ඉවසුවා .නමුත් දිගින් දිගටම ඔයාගේ අම්මා සීමාව ඉක්මවා යන්න පටන් ගත්තු නිසා මට කෙලින් කතා කරන්න සිද්ධ වුණා."
පාරමී පැවසුවේ සිය දෑත් තම හිසට තෙරපා ගනිමිනි .
"ඒ මගේ අම්මා බව ඇත්ත . නමුත් මම ඔයාට මගේ අම්මා ගැන කියලා තියෙනවා .අම්මාගේ ඔය නපුරු ගති කවදාවත් වෙනස් කරන්න බැහැ .ඔයා ඒ වෙලාවෙ අපේ අම්මට ඒ විදිහට කතා කල එක හරි .මට අම්මා වෙනුවෙන් ඔයා ගෙන් සමාව ඉල්ලන්න ඕනේ."
විශ්ව පාරමීගේ සුරතින් යළි අල්ලා ගත්තේය.
"ඔයා සමාව ඉල්ලන්න අවශ්‍ය නැහැ විශ්ව . එතන සිද්දවුන සිද්ධියේ මට බලපාන්නේ එකම එක කොටසක් විතරයි . මම මෙච්චර කල් හිතාගෙන උන්නා මට තනිවම ජීවත් වෙන්න පුළුවන් කියන එක .ඒත් ඔයාගේ අම්මා දිගින් දිගටම අම්මෙක් තාත්තෙක් සහෝදරයෙක් නැති අසරණයෙක් ගානට මට දිගින් දිගටම චෝදනා කරන කොට මට තේරුණා ඇත්තෙන්ම මම කොච්චර අසරණයි ද කියලා .
මේ ෂොක් එක ඇරෙන්න මට ඔතන කිව්ව කිසිම දෙයක් අදාල නැහැ විශ්ව"
පාරමී පැවසුවේ සිනහ වෙන්නට උත්සහ දරමිනි.
කෙනෙක් කෙතරම් හුදෙකලාව යනු සුන්දර අත්දැකීමක් ලෙස ප්‍රකාශ කළද සමාජීය ජීවීන් ලෙස ඕනෑම වෙලාවක මිනිසුන් තව අය අතරේ ගැවසීමට කැමැත්තක් දක්වති .පවුල යන සංකල්පයේ සුන්දරව ජීවිතය ගත කළ පාරමී වැන්නියකට හුදෙකලාව යනු ඉතාම කටුක අත්දැකීමක් බවට පත්වෙමින් තිබේ.
විදෙස්ගතව කෙතරම් කාලයක් හුදකලාවේ ගත කළ ද ඒ කාලයේදී ලෝකයේ කොහේ හෝ තැනක අම්මා සිටි යන හැඟීමම පාරමී අසරණ කලේ නැත .අම්මා යනු පාරමීගේ ජීවිතයට තිබූ ලොකුම හයියයි . ඇත්තෙන්ම සහෝදරයකු හෝ සහෝදරියක උන්නානම් තමා අද මේ සා අසරණ නොවන්නට ඉඩ තිබිණි .
දඩයමක් එල ගන්න ගිනි බටයක් තියේ... පාරමී නොනෙට ඕනේ නම් අරගෙන යන්ට පුළුවන්... එක්කෝ මං පුරුදු එකා වෙච්චි, මටම කියන්ටකො විස්වගේ මෑණියෝ ඉන්න ඉසව්ව....
ReplyDelete